saravita-anim2

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා

Latest News - timelapse 9819 hours ago

LATEST

කැබිනට් රැස්වීම උණුසුම් නෑ

calendar_today 2019 ජුනි 19 - 09:08 remove_red_eye - 647  

මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පැවැති කැබිනට් මණ්ඩලය සාමාන්‍ය අයුරින් පවත්වා ඇතැයි වාර්තා වේ.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අර්බුදයට ලක්ව ඇතැයි කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ.

Read More

ආණ්ඩුවේ ආදායම අඩුවී වියදම වැඩිවීම නිසි සියලු අමාත්‍යාංශවලට මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක්

Read More

මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු නායකයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මේ ආණ්ඩුවේ වැඩ කරන අය මෙම නෙමෙයි ඒ ගොල්ලෝ වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා.ලිච්ඡවී රජ දරුවෝ ජීවත්වෙලා හිටියනම් ඒ කථාවට සියදිවි නසා ගන්නවා.

Read More

වත්මන් ආණ්ඩුව ලබාගත් ණය වලින් 100%ක්ම යොදාගෙන ඇත්තේ පසුගිය කාලයේ ලබාගත් ණය ගෙවාදැමීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මහනුවර ඇසළ පෙරහැර සමය වෙනදාටත් වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතු බවත් ඒ පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත්, දියවඩන නිලමේතුමා සමගත් සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

සෝමාවැතිය ජාතික උද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි නිරික්ෂණයක නිරත වෙමින් පොළොන්නරුව ලංකාපුර ශාසනආරක්ෂක බලමංඩලයේ හිටපු සභාපති සහ ශ්‍රී ශාඛ්‍යා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිස අද (18) පැවසුහ.

Read More

පැලවත්ත හා සෙවණගල සීනි කම්හල් දෙක නැවත වරක් පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව 20 වැනිදා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සඳහන් කරයි.

Read More

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා කාලය වෙත මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

2019 වසරේ ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.5%ක බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කිසියම් ජාතියක් අන්තවාදීව කටයුතු කළොත් ඒ ජාතිය විනාශයට පත්වන බවත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක පොදුවේ සියල්ලන්ට භුක්ති විඳින්නට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

චීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට (19දා) ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නියම වෙලාවට පවසන බවත් ඒ අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

Read More

ඇමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරිය මහතාට සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඉදිරියට සක්‍රීය සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි දීමට කැඳවීමට තමන් අවස්ථාව නොදෙන බවයි.

Read More

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (ගයන්ත කරුණාතිලක), විපක්ෂ නායකවරයාට (මහින්ද රාජපක්ෂ) යන මහත්වරුන්ට වාහන ලබාගැනීමත් රුපියල් ලක්ෂ 400ක් හා රුපියල් ලක්ෂ 429ක් ලෙසත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට ලක්ෂ 199ක් ලබාගැනීමට අදාළව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දැන්ම කථා නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ රැහැන් ඇදීමේ උපකොන්ත්‍රාත් ආයතනයක ඇතිවු ගින්නකින් එම ආයතනයේ දේපල වලට දැඩි අලාභ හානි සිදුවි ඇත.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

Read More

අපි දැන්වත් අධිෂ්ඨාන කර ගත යුතුයි පන්තිය වෙනුවට වැඩ කරන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, ජාතිය වේවා, ආගම වේවා මේ එකක්වත් නොවේ රටට කුසලතාවයෙන්, නිපුණතාවයෙන් යුතු අලූත් දේශපාලන පන්තියක් ගෙන ඒමට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනා ඇප මත මුදා හැර තිබේ.

Read More

කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්ති මාලාව නොබෝ දිනකින් සමාජගත කිරිමත් සමඟ ඉදිරියේදී කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

Read More

හෙට (19දා) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති 5ක් තීරණය කර තිබේ.

Read More

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පේරාරු රක්ෂිත මායිමේ පිහිටි කුඹුරු වෙතට ජලය රැගෙන යන ඔයවල ජවාරම්කරුවන් විසින් අනවසර වැලි ගොඩදැමීම් හේතුවෙන් කුඹුරු වෙතට ජලය ලබාගැනීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.

Read More

විල්පත්තුව රක්ෂිතයේ විනාශ වී ඇති පරිවාර කැලෑවන් නැවත තිබූ අයුරින්ම ආරක්ෂා කිරීමට යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැළ ආධාර ලබා දෙන බවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා පැවසුවේය.

Read More

පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට පිහියක් රැගෙන සුදුවතින් සැරසි සැකකටයුතු ආකාරයට පැමිණි කාන්තාවක් හා තරුණයෙකු අනුරාධපුර උඩමළුව පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට වැඩිදුර පරික්ෂණ සඳහා භාරදී තිබේ.

Read More

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතාට අවවාදාත්මක ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.