පාස්කු ප්‍රහාරය වේදනාකාරීම සිදුවීමයි - වළක්වා ගැනීමට හැකියාව තිබුණා
තම නිලකාලයේ සිදුවූ වේදනාකාරීම සිදුවීම පාස්ක ප්‍රහාරය බවත්, එය වළක්වා ගැනීමට හැකියාවක් තිබුණ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පැවැසීය.
“මගේ නිලකාලයේ සිදුවූ වේදනාකාරී සිදුවීම අප්‍රේල් පාස්කු ප්‍රහාරයයි. මිය ගිය ජනතාව මා ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබුණා. මා ඒ ගැන මීට වඩා කථා කරන්නේ නෑ.
කෙනෙක් මගෙන් ඇසුවොත් මගේ නිල කාලය ගැන තෘප්තිමත්ද කියලා අසුවොත් මම නිමේෂයකින් දෙන පිළිතුර නම් මා තෘප්තිමත් වෙනවා සතුටු වෙනවා කියන පිළිතුරයි.
ඒ රටට හා ජනතාවට මා බොහෝ දේ ලබාදුන්නා. මා දුන් දේ සක්කුවට බඩට ඇගට දැනේනේ නෑ. ප්රජාතන්ත්රවාදය, දූෂනයේ තොර පාලනයක්. ආධ්‍යාත්මක සමාජයක් ඇති කිරීම. උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කළා.
මගේ දේශපාලන දිවිය සාර්ථක කිරීමට මගේ බිරිඳ ජයන්ති, දරුවන් මා බරපතල තීන්දු තීරණ ගනිද්දී මට විශාල ශක්තියක් හා ආශීර්වාදයක් දෙනවා.
වසර පහකට ආසන්න කාලයක් ජනපතිධුරයේ සේවය කළ මා හෙට උපදින දරුවන් වෙනුවෙන් පත්වන නව ජනපතිවරයාට මගේ ආශීර්වාදය සුබ පැතුම් එක්කරනවා.
මා ජනපතිධුරයන් සමු ගත්තත් මව්බිම වෙනුවෙන් මගේ උතුම් ආදරණීය ජනතාව වෙනුවෙන් අඛණ්ඩ අනන්‍යතාවයෙන් මා විසින් කළ යුතු සියලු කැපවීමෙන් මා හෙට දවසේත කිරීමට අධිඨං කරගෙන තිබෙනවා. රට තුළ ප්රජාතන්ත්රවාදය ශක්මත්වීම, මාධ්‍ය නිදහස ශක්තිමත් වීම, මානව හිමිකම් ශක්තිමත් විය යුතුයි. මාතෘභූමිය ඉදිරියට ගෙන යෑමට ඔබ සමග මා හෙට දවසේත් එක්වෙනවා.“
popular news
-
Kumar Saturday, 16 November 2019 08:52 PM
වලක්වා ගත හැකිවෙන්නේ කොහොමද මේ මහත්මය රෝන්දේ ගොසින්නෙ සිටියෙ. රටක් පාලනය කරන්න රටේ ඉන්න ඕනෙ. ලංකාවේ ජනය්ගේ ඇස් අන්ධ නැහැ. මේ ගමන ඉල්ලුවානම් අන්ත පරාජයක් හිමිවෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

