මහ බැංකුවේ වොහාරික විගණන වාර්තා පහේ පුදුමයට පත්වන කරුණු ඇති බවත් නව රජය එය පාර්ලිමේන්තුවට හා ජනතාවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බවත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“තමාගේම රජයේ දූෂණ හොයන්න ජනපති කොමිෂමක් පත්කළා. එය කළ එකම රාජ්‍ය නායකයා මමයි. මහ බැංකු මහා මූල්‍ය වංචාව. මේ රටේ රාජ්‍ය ආයතනයක සිදුවූ ඉහළම වංචාවයි. ඒ පරීක්ෂණ කටයුත තවමත් සාර්ථකව කෙරෙනවා.
වෝහාරික විගණන වාර්තා පහක් මේ වන විට ලැබී තිබෙනවා. ඔබ පුදුමයට පත්වන කරුණු එහි තිබෙනවා. මම විශ්වාසකරනවා බලයට පත්වන නව රජය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජනතාවට විවෘත කරයි කියලා.
හෙට වන විට අලුත් ජනපතිවරයෙක් පත්වෙනවා. අලුත් ජනපතිවරයාට මුහුණ දෙන අභියෝගයක් තමයි පාර්ලිමේන්තුවේ 225න් දූෂණයෙන් තොර ඇමති මණ්ඩලයක් තෝරා ගැනීම.
නිර්පාර්ශික ජනපතිවරයෙක් යටතේ පැවැත්වූ පළමු ජනපතිවරණය මෙයයි.රට තුළ ඉතාම සාමකාමී මැතිවරණයක් පැවැත්වුණා. ඒ මා නිර්පාක්ෂික වූ නිසයි. 2015 මැතිවරණයි අද මැතිවරණයයි ජනතාව කොතරම් ඉදිරියට ගොස් ඇතිද යන්න පැහිදිලි උදාහරණයයි.
ශක්තිමත් කළ ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙන යෑමට, මාධ්‍ය නිදහස ශක්තිමත් කරමින් එය ඉදිරියට ගෙන යෑමට නව ජනපතිවරයාට වගකීමක් තිබෙනවා. මගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති ඉදිරියට ගෙන යනු ඇතැයි කියා මා සිතනවා.”