saravita-anim2

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා

Latest News - timelapse 1423 hours ago

LATEST

ඉන්දීය සංචාරය නිම කළ ජනපති දිවයිනට

calendar_today 2024 දෙසැ 18 - 08:38 remove_red_eye - 239  

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින ඉන්දීය සංචාරය නිමා කර 12/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.

චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, Qin Boyong මහත්මිය දෙසැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

Read More

පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සේවය කරන පිරිස්වලට උසස් වීම් ලබා දීමේ ප්‍රමාදය නිසා නිලධාරීන් 8197කට දැඩි අසාධාරණයක් සිදුව තිබේ.

Read More

මහනුවර ශ්‍රී ලංගම ප්‍රාදේශිකයට අයත් ඩිපෝ 07ක බස් රථ 25ක් රියදුරු කොන්දොස්තර හිගය හේතුවෙන් ධාවනයෙන් ඉවත් කිරීමට සිදුව තිබෙන බව එහි මහනුවර ප්‍රාදේශීය කළමනාකාර ප්‍රසන්න දෙල්ලංග මහතා පවසයි.

Read More

පිස්තෝලයක හැඩය ගත් පින්ක් සැෆයාර් වර්ගයේ මැණික් ගලක් රත්නපුර ඇලපාත ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවී ඇති අතර, එය රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් පුද්ගලික කෞතුකාගාරයක ප්‍රදර්ශනයට තබා තිබේ.

Read More

ජනාධිපතිවරුන් 04 දෙනෙකු යටතේ ජනාධිපති අරමුදලෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඖෂධ ලබා ගැනීමට ආධාර ලෙස ලබා දී ඇති බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් රුපියල් ලක්ෂ 300ක් වැනි විශාල මුදලක් මෙම අරමුදලින් ලබා ගෙන ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

විදේශ රටවලින් සහල් ගෙන්වීමට ලබා දී තිබෙන කාලය මේ මස 20වන දින රාත්‍රී 12.00න් අවසන් වන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කුමන වෘත්තියක් නියෝජනය කළද, පාර්ලිමේන්තුව තුළ හැඳින්වීමේදී ආචාර්ය, වෛද්‍ය වැනි එම වෘත්තීන් අනුව හැඳින්වීම ඉදිරියේදී නොකරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කරන බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළ පරිදිම තම අධ්‍යාපන සුදුසුකම් හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

හොරොව්පොතාන පොලිස් වසමේ ඇලපත්වැව ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟ මතට, ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු ඊයේ (16දා) ජීවිතක්ෂයට පත් වූ බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉදිරියේදී රෝගියෙක් වශයෙන් හැර වෙනත් කිසිදු හේතුවක් මත යාපනය ශික්ෂණ රෝහලට ඇතුල් වීමට අවසර නොමැති බවට යාපනය ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂක කාර්යාලය මගින් දැනුම් දී ඇත.

Read More

සාත්තු සේවා (caregivers) විදේශ රැකියා සදහා ලබා දෙන පුහුණුවට අදාළ දැනට පවතින විෂය නිර්දේශය සංශෝධනය කිරීමට තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් තීරණය කර තිබේ.

Read More

-මහින්දට මාස එක හමාරක ආරක්ෂක වියදම රු.කෝ.ටි 71යි -පොලීසියේ 60යි, හමුදාවේ 228යි

Read More

තෙදින ඉන්දීය නිල සංචාරයක නිරත වූ ජනපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පෙරවරුවේ ‍බුද්ධගයාවට පැමිණ සිදුහත් කුමරු බුද්ධත්වය ලැබූ ස්ථානයේ පිහිටා ඇති මහා විහාරය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශීර්වාද ලබා ගත්තේය.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල්වලින් දින නමයක් තුළ සහල් කිලෝ කෝටියකට එහා ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධීක්ෂණ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වෙළඳපොළට තුළට මුදා හැර ඇත. ඉන් හරි අඩක්ම නාඩු සහල් බව වාර්තාවිය.

Read More

දසවැනි පාර්ලිමේන්තුවේ නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව්දෙනෙක් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා ඉදිරියේ ඊයේ (17දා) දිවුරුම් දුන්හ.

Read More

කථානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධූරය සඳහා ශ්‍රී ලංකාවේ 23 වන කතා නායකවරයා ලෙස වෛද්‍ය අයි.ඩබ්ලිව්,එම්. ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.

Read More

මියන්මාරයේ සයිබර් අපරාධ කදවුරක බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙකු බේරා ගෙන 12/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි.

Read More

ලොව පුරා ශීත ඍතුව ආරම්භ වී තිබීමත් සමග කසකස්තානයේ සිට එරට සංචාරකයන් පිරිසක් රැගත් ප්‍රථම ගුවන් යානය ඊයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

බල්ලන්, පූසන් ආදී අතහැර දමාගිය සතුන් රැකබලාගනිමින් දුම්මල සූරිය වත්තක පිහිටි නිවසක සිටි තරුණයකු අභිරහස් ලෙස මරාදමා ඇතිබව දුම්මලසූරිය පොලීසියට වාර්ථාවිය. ඝාතනයවූ අයගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකිරීමට පෙර එම අයගේ මව කැඳවා ප්‍රකාශ ලබා ගැනීමේදී ඇය විසින් පවසා ඇත්තේ මියගොස් ඇත්තේ තමන්ගේ බාල දුව බවයි.

Read More

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.

Read More

හිටපු කථානායක අසෝන රන්වල මහතාට ආණ්ඩු පක්ෂයේ තුන්වෙනි පෙළ 15 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස පෙලොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.

Read More

පාර්ලිමේන්තුව අද (17දා) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව අද දිනයේදී නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතව ඇත.

Read More

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මෙම වර්ෂයේ ගෙවී ගිය මාස 11 තුළ ( ජනවාරි සිට නොවැම්බර් දක්වා) කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268 ක් සිදු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පාලන මැදිරි භාර නිලධාරී කේ. පි. ආර් . නානයක්කාර මහතා පැවසීය

Read More

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව මගින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා තත්ත්ව පාලන අංශයේ නිර්දේශ නොසලකා ඉකුත් වසරේදී විදේශයකින් මිලට ගත් ඇමොක්සිලින් ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9000 ක තොගයක් ගුණාත්මක බවින් අසමත්වීම නිසා ඒ සඳහා දරා තිබූ රුපියල් 104,844,337 ක මුදල අනාර්ථික පිරිවැයක් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

එළැඹෙන මහ කන්නයේදී සතොස හරහා ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Read More

රුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම් උපයාගෙන ගෙන ඇති ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ බව කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුගේ හා ඔහුගේ බිරිඳගේ නමින් මෙන්ම, ව්‍යාපාරිකයෙකුගේ නමින් පවත්වාගෙන යන රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (16ද) නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.