මෙරට බන්ධනාගාරවල රැඳවිය හැකි උපරිම රැඳවියන්ගේ ප්‍රමාණය 12,000ක් වුවත්, මේ වන විට 33,000ක් රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා සඳහන් කළේය.
මෙම පිරිසෙන් සියයට හැටපහක් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ පිරිස් බවත් බන්ධනගාර තදබදය නිසා නිලධාරීන්ගේ කාර්ය භාරය දැවන්ත එකක් වී තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
නිලධාරීන් කිහිප දෙනෙකු සිදුකරන වැරදි නිසා විශ්වාසය පළුදු වීමක් සිදුවී තිබිය හැකි බවත් වෛද්‍ය නිර්දේශ මත රැඳවියන් රෝහලට ඇතුළත් කිරීම සිදුකරන බවත් මෑත කාලයේදී විශාල වශයෙන් එවැනි නිර්දේශ ලැබී නොමැති බවත් ඔහු පැවසීය.
මෙරට බන්ධනාගාරවලින් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින්නේ ජනාකීර්ණ ප්‍රදේශවල නිසා ඇතැම් බන්ධනාගාරවලට එළියෙන් දුරකථන විසි කිරීම් සිදුවන බවත් ජගත් වීරසිංහ මහතා සඳහන් කළේය.
ගැටලු වළක්වා ගැනීම සඳහා නිලධාරීන් විශාල කාර්යභාරයක් සිදුකරන බවත් බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්ද මේ වනවිට පවතින බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
හැකි සෑම විටම සෝදිසි කිරීම් සිදුකර දුරකථන භාවිතය වැළැක්වීමට කටයුතු කරමින් තිබෙන බවත් මීට අමතරව බන්ධනාරගාරවල ආරක්ෂාව තර කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.