අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, විශේෂ විමර්ශන ඒකක 4, විසින් කරන ලද කැඳවීමකට අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙට (09දා) ප්‍රකාශයක් ලබාදීම සඳහා එම ඒකකය වෙත පැමිණීමට නියමිතය.
”ශ්‍රී ලංකා වරාය වෙත ආනයනය කරන ලද බහාලූම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව ශ්‍රී ලංකා රේගුව මඟින් නිදහස් කිරීම” සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා විමල් වීරවංශ මහතා හෙට පෙරවරු 9.00 ට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
2025.01.29 දින විමල් වීරවංශ මහතා විසින් ප්රශ්ණගත බහාලුම් නිදහස් කිරීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කරණු ප්‍රකාශ කිරීමක් හේතුවෙන් මෙම කැඳවීම සිදුකර තිබේ.