පුරාවිද්‍යාත්මක ක්ෂේත්රය මේ වන විට අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් වසර සියයකටත් වඩා පැරණි පුරාවිද්‍යා නීති අණ පනත් යාවත්කාලීන විය යුතුව තිබෙන බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපිත කොට වසර 135ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පුරාවිද්‍යාව සහ තිරසාර සංවර්ධනය යන තේමාව යටතේ පේරාදෙණිය විශ්වව විද්‍යාලයේ කලාගාරයේදී පැවති සැමරුම් උත්සවයක ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා ඒ බව අවධාරණයකළේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පුරාවිද්‍යා නීති වත්මන් කාලයට අනුව ශක්තිමත් කිරීම සඳහා සිය සහයෝගය ලබා දෙන බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ පුරාවිද්‍යාවේ ඇතැම් නීති රෙගුලාසි හේතුවෙන් ඉතිහාසය රැක ගැනීමේ ගැටලු මතුව ඇති බවයි. එසේ හෙයින් එම නීති යාවත්කාලීන විය යුතුව තිබෙන බවද පැවසීය.
මෙම සැමරුම් උත්සවයේදී ශාස්ත්‍රීය ග්රන්ථ කිහිපයක් එළිදැක්වූ අතර පුරාවිද්‍යාත්මක කරුණු සම්බන්ධ පර්යේෂණ පත්‍රිකා 25 ක් ඉදිරිපත් කිරීමද සිදුකෙරුණි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම ශාස්ත්‍ර පීඨයේ සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් නානායක්කාර පුරාවිද්‍යා අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුජීවා පල්ලියගුරු යන යන මහත්ම මහත්මීන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.