ජපානයේ වන කර්මාන්තයට අදාල රැකියා (Forest Industry) පුහුණුව සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ජපානයේ විශේෂ දූත පිරිසක් අද දින (2025.07.09) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංචාරක නිරත විය.
මෙම සංචාරය සඳහා ජපානයේ Oita ප්‍රාන්තයේ මහජන සහයෝගිතා පදනමේ ප්‍රධානී, වන කර්මාන්තය සම්බන්ධ සමාගම් ප්‍රධානීන් එක්වූ අතර, ඔවුන් අද දින IM Japan කොළඹ කාර්යාලයේ නියෝජිතයින් සමග කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා හමුවී සාකච්ඡා කරන ලදී.
එහිදී ජපානයේ වන කර්මාන්තයට අදාළ රැකියා පුහුණුව සඳහා ශ්‍රි ලාංකික තාක්ෂණික පුහුණුලාභීන් යොමුකිරීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම පිරිස තංගල්ල පුහුණු මධ්‍යස්ථානයේ පවත්වන ජපන් පෙර විගමණික පුහුණුව පිළිබඳවද කරුණු සොයාබලා ඇත.
ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කාර්යාංශ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක මහතා ජපන් නියෝජිතයින්ට ස්තූති කළ අතර, ඔවුන්ගේ රැකියා වැඩසටහනට උපරිම සහයෝගය ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
