2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වන කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
මෙම කාලසීමාව තුළදී ආගමික ස්ථාන හා විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මූල්‍ය සහායන් ලබාදීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට 2025/05/17 දැනි පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වැන පාලක මණඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව අදාළ කාර්යය සඳහා විශ්‍රාමික මහාධිකරන විනිසුරු ජී.එම්.ඩබ්ලිව්.ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.