ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) මගින් මහනුවර දිස්ත්‍රික්කය තුළ මගී ප්‍රවාහනය සිදුකළ යුතු මාර්ග 426 අතුරින් මාර්ග 121 ක දැනට වසර දෙකක කාලය තුළ බස් ධාවනය නොවන බව මහනුවර බස් සමාගමේ ප්‍රාදේශීය කළමනාකාර සනත් ප්‍රසන්න මහතා මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටුව හමුවේ පැවසීය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන නියෝජ්යජ්ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රවාහන සහ මහා මාර්ග පිළිබඳව පැවැති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම හමුවේ දිස්ත්‍රික් කළමනාකාරවරයා ඒ බව අවධාරණය කළේය.
දිස්ත්‍රික් කළමනාකාරවරයා පවසා සිටියේ සේවක හිඟයත් එම මාර්ගවල බස් ධාවනයෙන් සිදුවෙන පාඩුවත් හේතුවෙන් එම මාර්ගවල බස් ධාවනය නවතා දැමීමට සිදුව ඇති බවය.
මහනුවර බස් සමාගමේ ඩිපෝ හත තුළ රියදුරුවරුන් 96 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 103 කෙනෙකුගේ හිගයක් පවතින බව එහිදී ඩිපෝ කළමනාකරවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
ෂේන් සෙනෙවිරත්න