ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක් සිදුකර නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය කර ගන්නේ කෙසේද හා එසේ අයකර ගන්නා බද්ද දේශීය අදායම් දෙපාර්තුමේන්තුවට එවිය යුත්තේ කෙසේද යන්න මග පෙන්වීමක් ගැසට් මගින් නිවේදනයක් මගින් ලබාදී ඇති බවයි. එම ගැසට් පත්‍රය අලුතින් බද්දක් ගසා ඇති බව මාධ්‍ය වැරදි අවබෝධයක් ලබා ඇති බවත්, එය කිසිදු ආකාරයකින් සත්‍ය නොවන බවත් පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාව කිසිදු අකාරයකට කලබලයක් ඇතිකර නොගත යුතු බව අවධාරණය කළේය.
පැවති වැට් බදු පනත සංශෝධනය කිරීමට සිදු වූ බවත්, පනවා ඇති බදු අයවැයේදී ඉදිරිපත් කර එම පනත් කෙටුම්පත් සංශෝධනය කලා මිස අතිරේක වැට් බද්දක් පනවා නොමැති බව හෙතෙම පෙන්වා දුන්නේය.