සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන අවසන් හා තුන්වැනි එක්දින ක්රිකට් තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින ශ්රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ හයවැනි ශතකය වාර්තා කිරීමට සමත්විය. ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.1 ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 206 ක් රැස්කරගෙන සිටියි. නායක චරිත් අසලංකද නොදැවී අර්ධ ශතකයක් රැස්කරනෙ සිටියි.