saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 1388 hours ago

LATEST

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි

calendar_today 2024 නොවැ 17 - 23:17 remove_red_eye - 458  

කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ් තික්ෂණ දැක්වූ දක්ෂතාවත් සමගින් නවසීලන්තයට ඒරෙහි එක්දින තරගාවලිය තව්ත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක නම් කිරීමට යම් කාලයක් ගත වනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Read More

මහ මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂයට ලැබී ඇති අසීමිත බලයත් සමග ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

පස් හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනකුු ඇතුළු පස් දෙනෙකු ගමන් ගත් වෑන් රථයක් පන්නිපිටිය බෝ ගහ අසල හයිලේවල් මාර්ගයේදී ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එම වෑන් රථය ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි මහරගම පොලිසිය පවසයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වසර 4ක විස්තීරණ ණය පහසුකමේ තෙවන සමාලෝචන සඳහා එහි නියෝජිතයින් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතය. ඔවුන් ලබන 23දා දක්වා ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය.

Read More

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, දේශන හා සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 19 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම් වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු 11/17 දින සවස පැවසීය .

Read More

පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් මෙරටට ගෙන්වීමේ පූර්ණ බලතල ඇත්තේ තම සංගමයට වුවත් පසුගිය කාලේ දේශපාලන බලය පාවිච්චි කරමින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වූ අමතර කොටස් භාවිතා කරමින් එකලස් කළ වාහන පසුගිය කාලයේ ප්‍රසිද්ධ දේශපාලනඥයින් සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් බවත් ඒ සම්බන්ධයෙන් තම සංගමය කිසිදු වගකීමක් නොදරන බවත් පාවිච්චි කරන ලද වාහන අමතර කොටස් ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා පැවසීය.

Read More

ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.

Read More

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 17 දින) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීමට අදාළව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවිය හරහා අදාළ තොරතුරු ඇතුළත් කිරීමේ පහසුකම් සළසා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ තවත් විශේෂ මෙහෙයුමකදී, ශ්‍රී ලංකාවට බටහිර දෙසින්, නාවික සැතපුම් 110 ක් (කිලෝමීටර් 200 ක්) පමණ ගැඹුරු මුහුදේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) 2024 නොවැම්බර් මස 16 දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නම් කර තිබේ.

Read More

නිමා වූ 2024 පාර්ලිමේන්තු මහා මැතිවරණයමෙරට මැතිවරණ ඉතිහාසයේනවවාර්තා 09 ක් තබා තිබෙන බවමධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාරරංජිත් කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

Read More

සර්වජන බලයට මෙවර මහ මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට එහි නායක දිල් ජයවීර මහතා පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ඒකමතිකව තීරණය කර තිබේ.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17දා) පැවැත්වේ.

Read More

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

Read More

නීති විරෝධී බවට සැක තවත් කෝටි ගණනක් වටිනා නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් පන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් නොවැම්බර් 20 දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

Read More

මීළඟ සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය හවුලකින් තොරව අලියා ලකුණ යටතේ තරඟ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. මේ පළිබඳව පක්ෂයේ වත්මන් නායක නායක රනිල් වික්‍රමසිං මහතා ඇතුළු පක්ෂයේ අනෙකුත් අය සාකච්ඡා කරමින් තිබෙන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි වැදී ගරාජය තුල සිටි 18 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි .

Read More

තමන් ක්‍රියාකාරී දේශපාලනයෙන් මෙන්ම මාතර වැලිගම සංවිධායක ධුරයෙන්ද ඉල්ලා අස්වන බව වැලිගම නගර සභාවේ හිටපු නගරාධිපති මෙන්ම සමගි ජන බලවේගයේ වැලිගම සංවිධායක රෙහාන් ජයවික්‍රම පවසයි.

Read More

මාමඩුව පොලිස් වසමේ කල්ලිකුලම් ප්‍ර දේශයේ වා ළිඳකට වැටී ළමයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව හා වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාශවලින් තේරී පත්වූ තැනැත්තන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .

Read More

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Michael Murphy’ යුධ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීමේ සංචාරයක් සඳහා අද (2024 නොවැම්බර් 16 දින) කොළඹ වරායට පැමිණෙන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් වැටී තිබූ බෑගයක තිබුණු රුපියල් හාර ලක්ෂ තිස් පන්දාහක් පමණ මුදල හිමිකරු සොයා බාරදීමට ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවෙකු 16 දින පෙරවරුවේ පියවර ගනු ලැබීය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරිමටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (ආ) අනු ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත්, ජනාධිපතිවරයාට බලතල හිමිවී තිබෙනවා.

Read More

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

Read More

වැලිගම - දෙනිපිටිය අතුරු මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදි කුඩා ලොරි රථයක් දුම්රිය අතුරු මාර්ගයකින් ධාවනය කිරිමට කටයුතු කිරිමේදි මාතර දෙස සිට ගාල්ල දෙසට ධාවනය වූ දුම්රියේ ගැටි අනතුරක් සිදුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.