පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීම සඳහා අද ( 29 ) ගාල්ල උළුවිටිකෙ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති ජන හමුවේදී එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අදහස් දැක්වු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
" මේ ගමේ පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරන ඡන්දයක්.මේ ජනාධිපති මැතිවරණයක් නොවේ. නමුත් සමහරු එහෙම හිතනවා. මාලිමාවට විශ්වාසය ප්‍රකාශ කරන ඡන්දයක් හැටියට මෙය යොදා ගන්නා ලෙස ජනාධිපති කියා තිබෙනවා. මේ මාස අටේ නවයේ හොඳට වැඩ කරලා තියනවා කියලත් කියනවා. එයා බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න. දැන් ලංකාවෙ හැම කොනටම ගිහින් කරපු වැඩ ගැන කතා කරනවා. ඊළඟට මට බනිනවා.විපක්ෂ නායකතුමාට හොඳ කියනවා. මෙහෙම ඡන්දයක් නම් මම දැකලා නෑ.
මම තරඟ කරන්නෙත් නෑ. ප්‍රසිද්ධ රැස්වීම් වල කතා කරන්නෙත් නෑ. දැනුවත් කිරීමේ රැස්වීම් දෙක තුනක විතරයි කතා කරන්නේ.
මැයි දින සැමරුමත් එනවා. ආණ්ඩුවේ අය ගෝල් පේස් පිටියේ එය කරන්නට යන බව කියනවා. දේශපාලන වැඩවලට ගෝල් පේස් පිටිය දෙන්නේ නැතැයි අප එදා තීරණය කර තිබුණා. ඒකට ඔක්කොම පක්ෂ එකඟ වුණා. දැන් ඒ එකඟතාවය කඩනවා.මේ ප්‍රතිපත්තිය මොකක්ද?
විශාල රැස්වීමක් තියලා අපිට ප්‍රයෝජනයක් නෑ. ඡන්දෙට කලින් අන්තිම නිවාඩු දවස මැයි පළවෙනිදා ගමේ සිට මැතිවරණ කටයුතු කරන්න අප තීරණය කර තිබෙනවා. හය වෙනිදා ඡන්දය දුන්නාම අපේ ශක්තිය පෙන්වන්න පුළුවන්.
ගාල්ල දිස්ත්‍රික්කයට අපනයන ආර්ථිකයක් තිබෙනවා. එය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඊට පසුව 77 දී අප බලයට ආ පසු කුඩා තේ වතු තවත් දියුණු කළා. කුරුඳු වගාව දියුණු කළා. එමෙන්ම අපි කොග්ගල වෙළෙඳ කලාපය ඇති කළා. හැම තැනම ඇඟලුම් කර්මාන්ත දැම්මා.
මුහුදු කරේ කියන්නේ අපනයන ආර්ථිකයක්. මේ අපනයන අප ආරක්ෂා කොට දියුණු කළ යුතුයි. ට්‍රම්ප් ජනාධිපතිගේ තීරු බද්ද අපට විශාල ප්‍රශ්නයක්. එහෙම වුණොත් අපනයන ආර්ථිකය කඩා වැටෙනවා. හැම රටක්ම එය නතර කරන්න ක්‍රියා කරගෙන යනවා. බද්දට යට වෙන්නේ නැතැයි චීනය ප්‍රකාශ කළා. සමහර රටවල් ගිහින් ට්‍රම්ප් ජනපති සමග කතා කොට වැඩ කටයුතු කළා. තීරු බදු පැනවුවොත් තද පියවර ගන්නා බව යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙනවා. සමහර රටවල විරෝධතාවය නිසා එය ටිකක් දැනට නතර වී තිබෙනවා. ඉන්දියාව ට්‍රම්ප් ජනපති සමග කතාකොට තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගියා. මේ බද්ද වෙනස් කර ගත්තත් සියයට දහයක හෝ විස්සක තීරු බද්දක් හැමටම පනවාවි. තීරු බදු වැඩිවූ විට මිල වැඩි වෙනවා.එවිට මිලදී ගන්නා සංඛ්‍යාව අඩු වෙනවා. එවිට අප අතර තියෙන තරඟය තව තියුණු වෙනවා.
ලංකාව ගිහින් කළේ මොකක්ද? විශේෂ වෙළෙඳ නියෝජිත හම්බවුණා කියා කියනවා. ඇමරිකාව එකඟ බව කියනවා.ඉන් පසුව ඒකාබද්ධ ප්‍රකාශයක් කරන බව කිව්වා. පස්සේ ඒකෙ ඇමරිකන් කෑල්ල වැටුනා. අපේ යෝජනා විශේෂ වෙළෙඳ නියෝජිතට බාර දුන්නලු.විශේෂ වෙළඳ නියෝජිතයා කියන්නේ වාණිජ කටයුතු අධ්යක්ෂ ජනරාල් වගේ තනතුරක්. ඔහුට ගිහින් ජනපති සමග කතා කරන්න පුළුවන්.
ලංකාව සහ ඉන්දියාව පමණක් අදාළ යෝජනාදී තිබෙන බව අපේ අය කියනවා.ඩ ඉන්දියාව සහ අප අතර වෙනසක් තිබෙනවා. ඉන්දියාවේ මෝදි ගිහින් ට්‍රම්ප් ජනාධිපති සමග කතා කොට උප ජනාධිපතිට ඉන්දියාවට එන්න කියා සාකච්ඡා කළා. අපි කලේ මොකක්ද?
වෙළඳ කලාප වල ජනතාව වෙනුවෙන් කළේ කුමක්ද ?ඒ ජනතාව ආණ්ඩුව ගැන විශ්වාසය තබා ඡන්දය දුන්නා. දැන් ඒ ජනතාව ආරක්ෂා කරනවද?
ඇමෙරිකාවේ උප ජනාධිපති ඉන්දියාවට ඇවිත් දවස් හතරක් හිටියා. අපට තිබුණේ මොකක්ද? අගමැතිනිය එතුමා සමග කතා කරන්න යවන්න තිබුණා. මේ ප්‍රශ්නෙදි ලංකාවට උදව් කරන්නම් කියා මෝදී කියා තිබුණා. එහෙනම් එතුමාට කතාකොට පැයක් ඉල්ලා ගෙන එතුමා මුණ ගැහෙන්න හරිනි අගමැතිනිය යවන්න තිබුණා. එහෙනම් කතා කර යම් සහනයකට එකඟ වෙන්න තිබුණා. යැව්වෙ නැත්තේ ඇයි? ඉන්දියාවට යන්න පැය තුනහමාරයි. එන්න පැය තුනහමාරයි. ඒකට වැය කරන්න වෙන්නෙ පැය 15යි.ඔවුන් ඒ අවස්ථාව ගත්තේ නැහැ.දැන් ඉතින් තැපැල් පෙට්ටියට දාලා බලා ඉන්නවා.
ආණ්ඩුවක් විදියට කරන්න ඕන මේ වගේ වැඩ. ට්‍රම්ප් වගේ අය කැමති මූණට මූණ කතා කරන අයට.
මේ රටේ පාස්කු බෝම්බය පිපිරුණාම ඇමරිකාවෙන් එෆ්.බී.අයි එවන බවට ට්‍රම්ප් ජනපති මට පණිවිඩයක් ඒවා තිබුණා. පස්සේ මට කතා කළා. මොකක් හරි අවශ්‍ය නම් කියන්නැයි ඔහු කිව්වා "
යැයි පැවසීය.මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න,මනුෂ නායක්කාර ඇතුළු දේශපාලඥයන් , පළාත් පාලන අපේක්ෂකයන් ,පාක්ෂිකයන් සහභාගි විය සහභාගි විය.
හබරාදුව බී.එව්.රම්‍යා