2020-08-25 දින ලක්ෂ 165ක් පමණ වටිනා ජීප් රථයක් කොළඹ ජාතික රෝහලේ නවතා තිබියීද සොරකම් කිරීම සම්බන්ධයෙන් හා 2023/12/18 දින වාහනයක් ලබා දෙන බව පවසා එක්කෝටි විසිපන් ලක්ෂයක මුදලක් ලබාගෙන මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහා ඉල්ලා සිටියි.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අනුව සැකකරු ව්‍යාජ නම් කිහිපයක් භාවිත කර ප්‍ර දේශ කිහිපයක සිදු කරන ලද අපරාධ රැසකට සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබේ. ඔහුට භාෂා කිහිපයක් හැසිරවීමට හැකි බවත් ඔහු ගමන් ගන්නා වාහන වල රජයේ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් ගමන් කර ඇති බවටත් තොරතුරු අණාවරණය කරගෙන තිබේ. සැකකරු මේ වන විට ප්‍ර දේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.
සැකකරුගේ විස්තර
නම - රෆීක් මොහොමඩ් ෆාරිස්
ජා. හැ. අංකය - 761850466 V
සැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම්,
ස්ථානාධිපති කොළඹ අපරාධ කොට්ඨාසය - 071 8591735
ස්ථානාධිපති විමරශන ඒකකය 05 – 071 8596507 යන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
