"ප්‍රාදේශීය සභාවට බලය තියෙනවා ඕනෑම බද්දක් පනවන්න. ඒ තරම් බලවත් ආයතනයක්, එවැනි බලවත් ආයතනයක් මාලිමාව ගන්නම ඕන. ඒක තමයි ඒ කියන්නේ.අපි බලයට ආවම බලු බදු පනවනවා කියලා විපක්ෂයනේ කියන්නේ. අපි එහෙම කියලා නෑ, අපි එහෙම පනවන්නෙත් නෑ, අපි එහෙම කියලත් නෑ. අපි කියපුවා විකෘති කරලානේ කියන්නේ. ඔය ගොල්ල විකෘති කරලා දාන්න එපා."යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරී මාර්ග අමාත්‍යය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාහ කර සිටියේ අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.
මාධ්‍යවේදීන් - හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයත් ලබා දීමෙන් පසුව පැමිණ මාධ්‍ය ප්‍රකාශයක් සිදු කරමින් කිව්වා, ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුන්ට යොමු කළ ලිපි ජනපති අතට පත් වෙනවා කියලා චෝදනාවක් කරනවා නේද?
අමාත්‍යයවරයා - එයාට දැන් ටිකක් වයසයිනේ, කල්පනාව ටිකක් අඩුයි ඒ නිසා ඔය වගේ ප්‍රකාශ නිතරම කරනවා.
මාධ්‍යවේදීන් - ඔබතුමන් බලු බද්දක් ගැන කරපු ප්‍රකාශයක් පිළිබඳව කතිකාවක් ඇති වෙලා තියෙනවා, මොකක්ද මේ බලු බද්දේ ඇත්තම කථාව?
අමාත්‍යයවරයා - ප්‍රාදේශීය සභාවට බලය තියෙනවා ඔ්නෑම බද්දක් පනවන්න, ඒ තරම් බලවත් ආයතනයක්, එවැනි බලවත් ආයතනයක් මාලිමාව ගන්නම ඔ්න, ඒක තමයි ඒ කියන්නේ.
මාධ්‍යවේදීන් - ඔබතුමන්ලා බලයට ආවම බලු බද්ධ පනවනවා කියලානේ විපක්ෂය කියන්නේ?
අමාත්‍යයවරයා - ඒ ගොල්ලනේ කියන්නේ, අපි එහෙම කියලා නෑ, අපි එහෙම පනවන්නෙත් නෑ, අපි එහෙම කියලත් නෑ, විකෘති කරලානේ කියන්නේ ඔය ගොල්ල විකෘති කරලා දාන්න එපා.
මාධ්‍යවේදීන් - ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔබතුමන්ලාට කොහොම ජයග්‍රහණයක් හම්බෙයිද? පහුගිය දිනවල රජයේ සේවකයෝ තැපැල් ඡන්දය ප්‍රකාශ කළා, මේ වෙන කොට කොහොමද තත්වය?
අමාත්‍යයවරයා - ප්‍රාදේශීය සභා ඡන්දයක් අලුත් ආණ්ඩුවක් ආව ගමන් තිබ්බම, ඒ පැත්තට යනවා, ආණ්ඩුව පරණ වෙලා සවුත්තු වුණොත් අනෙක් පැත්තට යනවා.මේ ආණ්ඩුව දැන් අලුත්, ඇවිල්ලා කරපු දේවලුත් අලුත්, හොඳයි, වටිනවා, ඒ නිසා අනිවාර්යෙන්ම දිනනවා, තව අවුරුදු 04 කින් පස්සේ ආයේ පළාත් පාලන ඡන්දය තියෙන කොට ඒත් දිනනවා, මොකද මේක කවදාවත් කුණු වෙන්නේ නෑ, කුණු වෙන්නේ හොරකම්, වංචා, දූෂණ කරන්න බලාගෙන කට්ටිය ආවොත්, අපේ කාගෙවත් එහෙම බලාපොරොත්තුවක් නෑ, ජනතාව කැපවීමෙන් වැඩ කරන්නේ හොඳ රටක් හදා ගන්න, මේ පළාත් පාලන ආයතන දිනනවා, ආයේ පරදින්නෙත් නෑ කවදාවත්.
මාධ්‍යවේදීන් - පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන්ලා ඔබතුමන්ලාට චෝදනා කරනවා හොරු අල්ලනවා කියලා ආවා, එතුමන්ලාටත් හොරු කියලා චෝදනා කරමින් ඉන්නවා හැබැයි අල්ලපු හොරෙක් නෑ කියලා ආණ්ඩුවට චෝදනාවක් කරනවා?
අමාත්‍යයවරයා - එතුමලා ඉතින් ඒ ජාතියේ ඒවා කියන්න ඔ්නනේ, නැත්නම් කොහොමද දේශපාලනය කරන්නේ, අපි ගැන වෙන කියන්න දේකුත් නැනේ, අපි හොරු කියන්නත් බෑ, වංචා කරා කියන්නත් බෑ, වැඩ කරේ නෑ කියන්නත් බෑ, ඒ නිසා එතුමා වගේ කෙනෙක් ඔය වගේ ජාති කියන්න ඔ්න, හැබැයි එකක් කියන්න ඔ්න හොරු අල්ලන්නේ අපි නෙමෙයි, අපි රජයේ ආයතන ප්‍රමාණයක් තියෙනවා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න ඔ්න, ඒ ආයතන ඉස්සර ඇල්ලුවේ නෑ, ඒ නිසා ඒ ආයතන වලට වැදගත්, වගකිවයුතු හොරු නොවන නිළධාරීන්, පත් කරලා ඒ අයට බලය දීලා තියෙනවා හොරකම් කරපු අය අල්ලන්න, සී.අයි.ඩී ඒක , අල්ලස් හෝ දූෂණ කොමිසම, පොලීසිය ඒ ආයතන තමයි මේ කටයුතු කරන්නේ, ඒ ආයතන වලට අපි ස්වාධීනව වැඩ කරන්න ඔ්න කරන වටපිටාව අපි හදලා දීලා තියෙනවා,
ඒ ආයතන ඒ වැඩේ කරගෙන යනවා, දැන් මට බෑනේ හොරු අල්ලන්න, මට පුලුවන් හොරු අල්ලන සමාජ වටපිටාව හදලා දෙන්න අපි රජයක් විදිහට ඒ සමාජ වටපිටාව හදලා දීලා තියෙන්නේ, ඒ අය ඒ වැඩ කටයුතු කර ගෙන යනවා, නාමල්ටත් ඉක්මනින්ම ඇතුලට ගිහින් බලා ගන්න පුලුවන් අල්ලනවාද නැද්ද කියලා.
මාධ්‍යවේදීන් - ඔබතුමා ඔය කියන විදිහට නාමල් රාජපක්ෂත් ඇතුල්ට යයි වගේද?
අමාත්‍යයවරයා - නෑ ඒක මං දන්නේ නෑ, එයා යන නොඑන එක තීරණය කරන්නේ අර ආයතන වල ක්‍රියාකාරිත්වය තුලනේ එතුමා භය වෙලා ඉන්න බවක් පේනවා.
මාධ්‍යවේදීන් - වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු අපරාධ රැල්ලේ වැඩි වීමක් තිබෙනවා, ඝාතන සිද්ධීන් රැසක් වාර්ථා වෙනවා කියලා චෝදනාවකුත් තියෙනවා, ඒ අනුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදු වෙලාද මේ ආණ්ඩුව පැමිණීමත් එක්ක
අමාත්‍යයවරයා - කවුද චෝදනා කරන්නේ
මාධ්‍යවේදීන් - විපක්ෂයෙන් චෝදනා කරන්නේ
අමාත්‍යයවරයා - විපක්ෂයේ කවුද?
මාධ්‍යවේදීන් - විපක්ෂයේ බොහෝ දෙනෙක් පහුගිය දිනවල චෝදනා සිදු කළා.
අමාත්‍යයවරයා - ඉතින් ඒ ගොල්ල එහෙම දේවල් නේද කියන්න ඔ්න, ඒ ගොල්ල කියයිද මේ ආණ්ඩුව හරී හොඳයි, ඝාතන රැළි මොකුත් නෑ, හරි අපූරුවට කර ගෙන යනවා, එහෙම කියන්නේ නෑනේ ඒ නිසා ඒ ගොල්ල කියන ඒවා ගණන් ගන්න ඔ්න නෑ.
මාධ්‍යවේදින් - මේ සිදුවන ඝාතන සාමාන්‍යයි කියලාද ඔබතුමා කියන්නේ?
අමාත්‍යවරයා - පාතාල කණ්ඩායම් ඉන්නවා, විවිධ පුද්ගලයෝ රණ්ඩු කර ගන්නවා, ගහ -මරා ගන්නවා, ඒ ගොල්ල ඒගොල්ල එක එක කාළ වල කරපු ඒවා පස්සේ වෙනස් වෙනවා, නාමල්ලා එක්ක කරපුවා ඇති, අරගොල්ල එක්ක කරපුවා ඇති, සාක්ෂි හංගන්න දේවල් වෙනවා ඇති, ඒවා සම්බන්ධයෙනුත් ඔය ආයතන හරි ආකාරව කටයුතු කරයි.
මාධ්‍යවේදීන් - ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ ඒ කියන්නේ?
අමාත්‍යයවරයා - ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නෑ, ලෝකේ ඔ්නම රටක ජාතික ආරක්ෂාව කියන එක වෙනයි, මිනිස්සු ගහ මරා ගන්න ඒවා වෙනයි.මේවා ජාතික ආරක්ෂාවේ ප්‍රශ්න නෙමෙයි, නමුත් මේවා අපරාධ ඒවා වෙනුවෙනුත් කටයුතු කිරීම රජයක වගකීමක්, රජය අපරාධකාරයෝ සම්බන්ධයෙන් නිසි පියවර ගනියි.
