හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතු කතරගම ඩිපෝව පාරේ මැණික් ගඟ ආසන්නයේ නිවස සම්බන්ධයෙන් වූ චෝදනාවකට අදාළව ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු උපසභාපති එල්. ඒ.විමලරත්න මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (29දා) අත් අඩංගුවට ගන්නා ලදි.
අත්අඩංගුවට ගත් විමලරත්න මහතා තිස්සමහාරාම අධිකරණය වෙත යොමු කිරීමෙන් අනතුරුව ලක්ෂ 05 බැවින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීම ට තිස්සමහාරාම දිසා විනිසුරු තරිඳු සමීර ද සිල්වා මහතා නියෝග කළේය.මෙම නිවස සම්බන්ධයෙන් මෙයට පෙර කතරගම ප්රදේශීය සභාවේ හිටපු සභාපති අසෝක වික්රමසිංහ මහතා ද අත්අඩංගුවට ගන්නා ලදි.
නිවස සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ .හා යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන් ගෙන්ද අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුව මගින් ප්රකාශ ලබා ගෙන ඇත.මෙම නඩුව වෙනුවෙන් නීතිඥ පියරත්න බණ්ඩාර .එල්.ඒ. විමලරත්න මහතා වෙනුවෙන් පෙනි සිටියේය.