ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කල තරුණයකු ( 29) දහවල් බලපතල තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව ගාල්ල පොලීසිය පවසයි.
සිද්දියෙන් මිය ගොස් ඇත්තේ එම ආයතනයේ සේවය කල අක්මීමන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක තරුණයෙකි.
බිම් මහලේ සිට තෙවැනි මහල දක්වා බාණ්ඩ ගෙනයන අතරතුර තුන්වන මහලේ සිට කඩා වැටුන විදුලි සෝපානය පහත මාලයේ සිටි තරුණයා මතට කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති බවට පොලිස් පරීක්ෂණ මගීන් හෙලි වූ බව පොලීසිය පවසයි.
මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය ගාල්ල හදිසි මරණ පරීක්ෂක ගාමිණී කුලසිංහ මහතා විසින් සිදුකර ඇති අතර සිද්දිය පිළිබද වැඩිදුර විමර්ශන ගාල්ල පොලීසිය සිදු කරයි.
හබරාදුව බී.එච්.රම්‍යා
