අද(29දා) බෙලිඅත්ත , හෙට්ටිආරච්චි වංගුව ආසන්නයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 30 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
දික්වැල්ල දෙස සිට බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය කළ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට තංගල්ල රෝහලට සහ බෙලිඅත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.