ශ්‍රී ලාංකේය සමුද්‍රිය ඉතිහායේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලම බහලු නෞකාක් වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා පැමිණි බව වරාය අධිකාරිය පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලු නෞකාව ලෙසින් මෙම නෞකාව හැඳින්විය හැකි බව වරාය අධිකාරිය පවසයි.
කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලු නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වන බව වරාය අධිකාරිය පවසයි.
2023 වර්ෂයේදී ඉදිකරන ලස මෙම නෞකාව දිගින් මීටර් 399.9ක් වෙයි පළල මීටර් 61.3කි. ටොන් 240739ක ධාරිතාවයකින් යුත් මෙම නෞකාවේ රැගෙන යා හැකි බහාලු ප්‍රමාණය 24246කි.
