සමගි සන්ධානයේ මැයි දින පෙළපාලිය සහ රැලිය සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ ලිදුල නගර සභා ක්‍රීඩාංගණයේදි මැයි 01 වන දින පෙ.ව.11:00ට පවත්වන බව දමිළ ප්රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසීය.
සමගි සන්ධානයේ මැයි දින පෙළපාලිය තලවකැලේ ලිදුල නගර සභා අසලින් ආරම්භකර නගර සභා ක්‍රීඩාංගණය වෙත පැමිණිමෙන් අනතුරුව රැලිය ආරම්භ කරන බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
සමගි සංධානයේ මැයි දින පෙළපාලියට දමිළ ප්රගතිශිලී සංධානය සහ සමගි ජන බලවේගය සමග එක්ව සිටින සියලුම දේශපාලන පක්ෂ පූර්ණ සහයෝගය සහ සහභාගීත්වය ලැබෙන බවයි පලනි දිගම්බරම් මහතා තවදුරටත් කියා සිටියේ.