පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස්වලට බෙදාදීම අදින් (29දා) අවසන් වේ.
මේ අනුව අද දිනය තුළදීත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණ ඡන්දදායකයන්ට හෙට (30දා) සිට අදාළ පත්‍රිකා තැපැල් කාර්යාලවලින් ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.
ලබන මස 06වන දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනතාවට බෙදාදීම තැපැල් දෙපාර්තමේන්තුව විසින් මේ මස 16වන දින ආරම්භ කරනු ලැබිණි.
අද දිනයෙත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයන්ට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද නාම ලේඛනයේ නම සඳහන් ලිපිනය පිහිටි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයට ගොස් ස්වකීය අනන්‍යතාවය ප්‍රකාශ කිරීමෙන් පසු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.