පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සිදුකෙරෙන සියලු ප්රචාරක කටයුතු , ලබන මස 03 වැනි දින මධ්‍යම රාත්‍රී 12 ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඉන් පසුව එළඹෙන කාලය නිහඬ කාලය වන අතර එම කාලයෙහිදී පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට සේම කිසිදු අපෙක්ෂකයෙකුට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කිසිදු ප්රචාරක කටයුතතක් සිදුකිරීමට අවස්ථාව හිමි නොවේ.
මෙවර ඡන්ද විමසීමේදී උචිත ලකුණ සලකුණු කිරීම සඳහා( ඇඟිල්ල පාට කිරිම) සුළැඟිල්ල යොදා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ලබන මස 06 වැනි දින පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසිමට අදාළ තැපැල් ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අද (29දා) දිනයෙන් අවසන් විය.
මීට අමතරව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදා හැරීමේ කටයුතුද ඊයේ දිනයෙන් අවසන් වූ අතර තවමත් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති යම් අයෙකු වේ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් ප්‍රදේශයෙහි පිහිටි තැපැල් කාර්යාලය වෙත ගොස් එම ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේ හැකියාව තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් සියයට අනූපහක පමණ ප්‍රමාණයක් බෙදා හාර අවසන් කර තිබෙන බවද වාර්තාවේ.