saravita-anim2

2025 ජුනි මස 09 වන සඳුදා

2025 ජුනි මස 09 වන සඳුදා

Latest News - timelapse 1418 hours ago

LATEST

උඩරට දුම්රිය ධාවනයට බාධා

calendar_today 2024 ජුලි 19 - 10:08 remove_red_eye - 253  

උඩරට දුම්රිය මාර්ගයේ පටිටිපොල සහ ඔහිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (19) උදෑසන විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

ආසන්න කාලසීමාවේදී ආර්ථික ගෝලීයකරණය වෙත එල්ල වූ දරුණුතම බලපෑමක් වූයේ ප්‍රති-ගෝලීයකරණය (anti-globalization) පිළිබඳ වන මතවාදයයි. එහිදී ඇතැම් බටහිර රාජ්‍යයන් අනුගමනය කළ ප්‍රාග්ධනය, කර්මාන්ත සහ රැකියා නැවතත් සිය රට වෙතට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්ති මෙන්ම, ’ජාතික ආරකෂාව’ මූලික කරගනිමින් විදේශීය ව්‍යවසායන් ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු විය.

Read More

රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථකව අවසන් වී ඇති බැවින් පසුගිය සමයේ අත්හිටුවා තිබූ ව්‍යාපෘති ද ඇතුළුව ජපාන නිල සංවර්ධන ආධාර යටතේ (ODA) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ජපාන දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය ඉසුමි හිරොටෝ මහතා (Dr. IZUMI Hiroto) පැවසීය.

Read More

ආයෝජන ණය රුපියල් මිලියන 15ක උපරිමයකට යටත්ව 7%ක සහන පොලි අනුපාතයකට. කාරක ප්‍රාග්ධනය රුපියල් මිලියන 05ක උපරිමයකට යටත්ව 8%ක සහන පොලි අනුපාතයකට. ණය ලබාදීම සඳහා රුපියල් බිලියන 18ක් . බැංකු සහ මූල්‍ය ආයතන 15ක් මේ වෙනුවෙන් රජය සමඟ අත්වැල් බැඳ ගනී. රට දියුණු කිරීමට නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කළ යුතුයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ජාතික සංවර්ධන බැංකුවක් – ජනපති අවධාරණය කරයි .

Read More

ජනපතිගේ දෙවසරක වැඩපිළිවෙළ ගැන සිදු කරන පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් විවෘත සංවාදයකට ඇරයුම් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

Read More

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, එසේම එම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලාංකාව සයිබර් අපරාධකරුවන්ගේ තිප්පොලක් හා පරාදීසයක් කරගනිමින් අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර ඇති බවත් එලෙස වංචා කළ මුදල් චීනයට යවා ඇති බවත් විමර්ශන වලදී හෙළී වු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට අද (18) දැනුම් දුන්නේය.

Read More

නීති විරෝධී පිරමීඩාකාර ගනදෙණු කරමින් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කළේ යැයි කියන ”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂක ධනංජය ජයාන් නමැත්තාට අයත් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් අත්තනගල්ලේ පිහිටි අක්කර දෙකහමාරක ඉඩමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (18) තහනම් කළේය.

Read More

කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කුලී රථයකින් තම ගම් ප්‍ර දේශයට ගමන් කරමින් සිටියදී කුරුණෑගල - කැප්පිටිගල මාර්ගයේදී පිරිසක් විසින් කැබ් රථයකින් ඔහු පැහැරගෙන ගොස් තිබේ.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධයෙන් කරන විනය පරීක්ෂණයක් හේතුවෙන් අද (18දා) දින තෙක් ඔහුව අනිවාර්ය නිවාඩු යැවිමට ජාතික පොලිස් කොමෂම තීරණය කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අද දින (7/18) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගාලු කණ්ඩායම සමත්විය ඒ යාපනය කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමිනි.

Read More

’’මම නම් දන්න තරමින් එයා ක්ලබ්ස් කළා. එයාට සල්ලි තිබුණා. අපට දැන් තියෙන තොරතුරු අනුව මෙයා මැරෙන වෙලාවේ රට වටේ ණය වෙලා අතේ සතේ නැතිව හිටපු පුද්ගලයෙක් කියලා තමයි අපේ විමර්ශන වලින් එළියට ඇවිත් තියේනේ’’

Read More

මොනරාගල මදුරුකැටිය ප්‍රදේශයේ පිහිටි සමාධි ළමා නිවාසයේ නේවාසිකව සිටින දැරියන් තිදෙනෙකු ඉකුත් (15) වෙනිදා පාසල් ගොස් ළමා නිවාසයට නොපැමිණ බියගම නිදහස් වෙළෙඳ කලාපයේ එක් දැරියකගේ මවගේ යෙහෙළියකගේ නිවසක සිටියදී 119 පොලිස් හදිසි දුරකථන ඇමතුමට ලද තොරතුරකට අනුව වැලිවේරිය පොලීසිය මඟින් සොයාගෙන තිබේ.

Read More

අනුරාධපුර නිවන්තකචේතිය විදුහලේ උසස් පෙළ ගණිත අංශ ගුරුවරයකු පාසල් කාලයේදී පාසලට පැමිණි බවට අත්සන් තබා පිටතට ගොස් පුද්ගලික පන්තියක (ටියුෂන්) ඉගැන්වීම් කටයුතු වලට ගොස් සිටිම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ගුරුවරයාගේ වැඩ තහනමට ලක් කල බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය පවසයි

Read More

ප්‍රංශයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සදහා සහභාගී වීමට , ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නායක , බැඩ්මින්ටන් ක්‍රීඩක 07/18 අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පැරිස් නුවර බලා පිටත්ව ගියේය .

Read More

උසස්වීම ලබානොදීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල්කරගනිමින් පසුගිය සතියේ දින 2ක් දුම්රිය ස්ථානාදිපතිවරුන් වැඩවර්ජනයක නිරතවිය. එම ඉල්ලීම් දාහතරෙන් හයක් කැබිනට් පත්‍රිකාවක් මගින් ජූලි 15 වැනිදා සිට විසඳන බවට ප්‍රවාහන අමාත්‍යවරයා දුන් පොරොන්දුවක් මත වර්ජනය අත්හරිනු ලැබීය. පොරෙන්දුවූ පරිදි තම ඉල්ලීම් මෙතෙක් (18) ඉටුකර නැතැයි එම සංගමය පවසයි.

Read More

දැනට රාජ්‍ය වැවිලි සමාගම හා ප්‍රාදේශීය වැවිලි සමාගම් යටතේ පාලනය වන වතුකරයේ ජනතාව ජීවත්වන ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ නීත්‍යානුකූලව නව ජනාවාස ගම්මාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

Read More

ජීව හා අජීව උණ්ඩ 13,20,000 ක් පොලිස් නිල ඇඳුම් සඳහා වූ කාකි රෙදි මීටර් 7,32,000 ක්,පොලිස් නිලධාරීන් පළඳින හම් සපත්තු ජෝඩු 70,000 ක් සහ ක්‍රීඩා සපත්තු ජෝඩු 58,500 ක් මෙසේ මිලදී ගැනීමට නියමිත ද්‍රව්‍ය අතර වේ.

Read More

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට පැමිණි බැතිමතුන් විසින් පරිසරයට හානි කර වු ද්‍රව්‍ය විශාල ලෙස මුදා හැර තිබේ .

Read More

රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර වර්ග 05ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා වූ මුදලකින් අඩු කර තිබේ.

Read More

කොළඹ හිල්ටන් හෝටලයේ හිමිකාරීත්වය දරන හොටෙල් ඩිවලොපර්ස් (ලංකා) ලිමිටඩ් (HDL) සතු කොටස් මිලදී ගැනීම සඳහා ගැනුම්කරුවන් 9 දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, ඒ අතරින් ආයතනයක් අවසන් අදියරය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read More

සිරකරුවන් සහ සැකකරුවන් එක් ලක්ෂ අසූපන්දහස් පනස්හයදෙනෙක් (185,056) (2019 ජනවාරි සිට 2023 දෙසැම්බර් දක්වා) බන්ධනාගාරගත වී ඇති බව 2023ට අදාළව විගණන වාර්තාවක සඳහන් වේ.ඒ අය අතුරින් 46,939ක ප්‍රමාණයක් සිරකරුවන් වන අතර138,117දෙනෙකු සැකකරුවන් වේ.

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරකට ලක් ව

Read More

කොමරෝස් ධජය සහිතව ඕමාන වෙරළ ආසන්නයෙන් යාත්‍රා කළ බොරතෙල් ප්‍රවාහන නෞකාවක් පෙරළීමෙන් එහි සිටි ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි.

Read More

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට 16 දින සවස එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.

Read More

සමගි ජන බලවේගය පක්‍ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපා හැරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු රාජ්‍ය සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ (17දා) ඇය ඉල්ලා අස්කර ගත්තාය.

Read More

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් රටින් පිටව ගොස් තිබෙනවාද යන්න මෙතෙක් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

Read More

මාතලේ මහවෙල මිල්ලවාන ප්‍රදේශයේ ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන් ඇති වූ ගැටුමකින් නිවාඩු ලබා පැමිණ සිටි නාවික හමුදා සෙබලෙකු අද(17)දින මරණයට පත්ව ඇති බව මහවෙල පොලිසිය පවසයි.

Read More

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.