saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8577 hours ago

LATEST

කොවිඩ්-19 දෙවැනි රැල්ලකට අප සූදානම් විය යුතුයි - WHO

calendar_today 2020 මැයි 15 - 06:30 remove_red_eye - 525  

දෙවැනි රැල්ලක් ඇති වූ රටවල් වෛරසය නැවත හඳුනාගැනීමටත්, සම්බන්ධතා සොයාගැනීමත් වේගයෙන් සිදුකළා.

ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 සීමාව කරා පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

අද දිනයේදී රාත්‍රී 10.30 වන විට හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 10කි.

Read More

වරායේ මෙහෙයුම් සඳහා සම්බන්ධ වන සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කරමින් එම මෙහෙයුම් කාර්යක්ෂමව සහ ඵලදායිතාවයෙන් යුතුව අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සකස් කරනු ලැබූ කොවිඩ්-19 වසංගතය මර්දනය සඳහා වූ මාර්ගෝපදේශය අද (14දා) එළි දක්වනු ලැබීය.

Read More

වාහන, සුඛෝපභොගී භාණ්ඩ ඇතුළු අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම සඳහා වන ගැසට් නිවේදනය කැබිනට් මණඩලයේ අනුමැතිය ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොරවලට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් නමින් පොහොර නිපදවීමේ ව්‍යාපෘතියක් ලංකාවේ ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.

Read More

ආරුවක්කාලු කසළ අංගය ඉදිරියට පවත්වාගෙන යෑමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඇඳිරි නීතිය පැවැති කාලයේදී සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයින්ට ලබා දුන් රුපියල් පන්දහසේ දීමනාව පාසල් මුරකරුවන්ට අහිමි කර තිබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කෝවිඩ් - 19 වෛරස් තත්ත්වයෙන් සියලු දෙනා ආරක්‍ෂා කර ගනිමින් සිදුකරන ආකාරය පිළිබඳ අද (15දා) මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන හා තවත් පාර්ශ්ව කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීමේදී සියලුම දෙනා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මූලික වශයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.

Read More

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලදී අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගෙන මගී සේවාවේ නිරත වන ත්‍රි‘රෝද රථවලට පමණක් මගී ප්‍රවාහනය කිරීමට අවසරය ලබාදීම නිසා සාමාන්‍ය ත්‍රිරෝද රථ හිමියන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස කුමන තත්ත්වයක් යටතේ වුවත් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කර අපේක්‍ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට අවම වශයෙන් දින තිස්පහක කාලයක් ලබාදිය යුතුව තිබෙන බව මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සඳහන් කරති.

Read More

පැය 5කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.

Read More

පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම භූමිය ආරක්ෂා කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරන ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (14) නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාට නියෝග කළේය.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය , තම සීමිත ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ , අද (14) දින රාත්‍රී , ශ්‍රී ලන්කන් ගුවන් යානයක් , ගුවන් මගීන් 157 ක් රැගෙන ජපානය වෙත සිය දෙවන ගුවන් ගමන් මෙහෙයුම ආරම්භ කරමින් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වී ගියේය .

Read More

කොවිඩ්-19 බලපෑමත් සමග පැනවූ සංචාරක තහනම හේතුවෙන් මාලදිවයින තුළ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින බවත්, ඔවුන්ද මව්බිමට ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙස එම පිරිස් සහ ඔවුන්ගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටියි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි වලට පටහැනිව කොරෝනා වයිරසය ආසාදිතව මියයන පුද්ගලයන් ආදාහනය කිරීමේ ගැසට් පත්‍රය සංශෝධනය කර එයට ආදාහන සහ භුමිදානය කිරීමට අවශ්‍ය රෙගුලාසි ඇතුළත් කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ හිටපු අමාත්‍යවරු පිරිසක් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

Read More

COVID- 19 වසංගතය නිසා ඇද වැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්ව ගොඩනැගීම සඳහා සාම්ප්‍රදායික චින්තනයෙන් සහ වැඩරාමුවෙන් බැහැරව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකු ක්ෂේත්‍රයෙන් ඉල්ලා සිටී.

Read More

ලොවපුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී සිටී .

Read More

නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර සිටි නාවික හමුදා පුද්ගලයින්ගේ පවුල් 58කට අයත් සමාජිකයින් 223 ක පිරිසක් සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර 12 සහ 13 යන දිනයන්හි එම නිරෝධායන මධ්‍යස්ථානයන් වෙතින් පිටත්ව යන ලදි.

Read More

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටක් වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් ආර්ථික අසීරුතාවකට පත්ව සිටින මොහොතක වුවත්, මෙරට පාසල් දරුවන්ගේ පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින්, අවශ්‍ය පහසුකම් රජය විසින් සලසා දෙමින් පාසල් නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් සොයා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 916 දක්වා ඉහල ගොස් ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.

Read More

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්‍රසීල තානාපති, ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් අද (14) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

Read More

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියලු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

Read More

විදුලි පාරිභෝගිකයින්ට උපරිම සාධාරණය ඉටුවන පරිදි මාසික බිල්පත් නිකුත් කිරීම හා ගෙවීම සදහා නියමිත සහන කාලය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පියවර ගෙන ඇති බව මහජන උපයෝගීතා කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

කොරෝනා වෛරසය සමාජගතවීමක් මෙතෙක් සිදු නොවී ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරන බවත් සේඛ්‍ය ආරක්ෂිත උපදෙස් එලෙසම පිළිපදින ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

කෙසේ නමුත් මේ අවස්ථාවේදී අවසර ලත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර පුද්ගලයන්ට පාර්ලිමේන්තු පරිශ්‍රයට ප්‍රවේශ වීම සීමා කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.