කුරුණෑගල මහා නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද (11) නගර සභාවේ සියලුම කටයුතු අඩපණ විය.
කුරුණෑගල මහ නගර සභාවේ උසස්ම නිලධාරියාගේ සිට කම්කරුවන් දක්වා වූ සමස්ත කාර්ය මණ්ඩලයම අසනීප නිවාඩු දමා අද දිනයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටියහ.
මේ හේතුවෙන් මහ නගර සභාව විසින් සිදු කරනු ලබන නගරය පිරිසිදු කිරීම්, කසළ බැහැර කිරීම්, ගිනි නිවීම් සේවාව, මහ නගර සභාවෙන් සැපයෙන සියළුම සේවාවන් ඇතුළු සියළුම සේවාවන් සම්පූර්ණයෙන්ම අඩපණව පැවතුනි.
කුරුණෑගල නාගරික සුපිරි වෙළඳ සංකීර්ණය සහ කුරුණෑගල නාගරික පුස්තකාලයද ඉබි යතුරු දමා වසා දමා තිබූ අතර පසුව ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත දහවල් 11.00 ට පමණ වෙළඳ සංකීර්ණය ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කර දෙනු ලැබීය.