කුරුණෑගල පෞරාණික රාජ්ය සභා මණ්ඩපය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පෙත්සම හෙට දින අභියාචනාධිකරණයේ සලකා බැලීමට නියමිතයි.
තමා අත්අඩංගුවට ගැනීමට අගොස්තු මස 05 වෙනිදා කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අත්හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.
