මහනුවර ඓතිහාසික මඟුල් මඩුව පරිශ්‍රයේදී හෙට (12) පෙරවරුවේ සිදුකෙරෙන නව රජයේ කැබිනට් ඇමතිවරුන් දිවුරු දීමේ රාජ්‍ය උත්සවයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා වැඩ බලන පොලිස්පති සී .ඩී .වික්‍රමරත්න මහතා අද මහනුවරට පැමිණ විශේෂ නිරීක්ෂණයක නිරත විය .
එම නිරීක්ෂණයෙන් අනතුරුව මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක්ද පැවැති අතර එම අවස්ථාවට මහනුවර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න , නියෝජ්‍ය පොලිස්පති ඩී. එල්. ඒ .රණවීර , කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ යන මහත්වරුන් ඇතුළු ඉහළ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී විය .
හෙට (12) මහනුවර නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දිවුරුම්දීමේ උත්සවය සඳහා සීමිත පිරිසක් පමණක් සහභාගි කරවා ගැනීමට ද සැලසුම් කොට තිබේ .
ෂේන් සෙනවිරත්න
