අගමැති මහින්ද මුලින්ම ලියාපදිංචි වෙයි
ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම මෙවර අන්තර්ජාලය හරහා සිදුවන අතර එහිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ලියාපදිංචී වී ඇතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව පවසයි.
කොවිඩ් 19 හේතුවෙන් පවතින තත්තවය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලියාපදිංචිවීම මෙවර ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා සිදුකරයි.
ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම තම පෞද්ගලික තොරතුරු අන්තර්ජාලය හරහා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ.

popular news
-
Roshan Goonewardene Tuesday, 11 August 2020 05:50 PM
At least, the most highest in the Goverment make sure to provide emails of MP's to the public for them to pin point any valuable information inrespect to countries needs. By providing such email or other piblic then it is not required to the public to meet MP's further. on the other hand this writer and any other in Kandana area cannot find any MP to selected to area.That is Sad.
Reply : 0 0
Champa Tuesday, 11 August 2020 06:08 PM
අගමැතිතුමා, ඔබතුමාට දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා. 19 අනුව රටේ බලය තියෙන්න ඔබට. නමුත් කාගෙහරි කීමකට ඔබ පටන් ගන්න කොටම රටේ සංවේදීතම ජන කොටසකට අසාධාරණයක් කරලා තියෙනව. අවුරුදු 23ක් තිස්සේ කැබිනට් අමාත්‍යංශයක් වෙලා තිබ්බ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය, ඔබ රාජ්‍ය අමාත්‍යංශයක් හෙවත් දෙවෙනි පෙළ අමාත්‍යංශයක් කරමින් මේ රටේ කාන්තාවන් සහ දරුවන් දෙවන පෙළ පුරවැසියන් කරලා තියෙනව. ලංකාවේ මුළු ජනගහනයෙන් 50.7% ක් වන කාන්තාවන්ගෙන්, 42% ක්ම ජීවත් වෙන්නේ ගම්බද. ඒ වගේම මුළු ජනගහනයෙන් 21.4% ක් දරුවන්. දරුවන්ට, ගම්බද මිනිසුන්ට බොහෝ ආදරය කරන මෘදු හදවතක් තියෙන ඔබම මෙහෙම කලේ ඇයි? මේ ඇමති ධූරය අතීතයේ දරපු කිසිම ඇමතිවරියක් කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න අලුත් නීති ගෙනාවේ නැහැ. මේ රටේ කාන්තාවන් සහ දරුවන්ට, ඔවුන් කාන්තාවන් සහ දරුවන් වීම නිසා බරපතල වෙනස්කම් සහ අගතීන් සිද්ධ වෙනවා, ඉංග්‍රීසියෙන් "Gender based discrimination and Double discrimination against children" කියල කියනව. මේ අමාත්‍යංශය ඔබේ යටතට හරි අරගෙන ඉහලම මට්ටමින් ඔවුන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න තරම් ඔබ කාරුණික නොවෙන්නේ ඇයි?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

