නව රජයට ජනතාව ලබාදුන් අති විශාල බලය අනුව ජනතාවට සේවය කිරීමේදී ආගම හා ජාතිය සළකා බැලීමකින් තොරව සේවය කරනු ඇති බවට බලාපොරොත්තුවන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන බවත් ඔහු පවසයි.
එසේම රජය ප්රජාතන්ත්රවාදය ඉහළට එසවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු සඳහන් කරයි.