කොරෝනා වයිරස් අවධානම හේතුවෙන් උතුරේ නවතා දමා තිබූ සංවර්ධන ව්යාිපෘති මේ වන විට නැවත ආරම්භ කිරීමට සංවර්ධන ව්‍යාපෘති භාර නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
පසුගිය මාස කිහිපය පුරාවට පැවති කොවීඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් සේවකයින් නොමැතිවීමත් වයිරසයේ බලපෑමත් හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ඇතුලු සියලු ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට භාරකරුවන්ට සිදු විය.
කෙසේ වෙතත් මේ වන විට කොරෝණා අවධානම යම් තත්වයකට උතුරු පලාතේ පාලනය වීමත් සමග නවතා දමා තිබූ සංවිධන වැඩසටහන් සියල්ලක්ම යථා පරිදි ආරම්භ කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන ඇති අතර ව්‍යාපෘතිවල රාජකාරී කටයුතු වල නිරත වන සියලු නිලධාරීන් හා සේවකයින් සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් අනුගමනය කරමින් සේවයේ නිරත වීමටද පියවර ගෙන ඇත.
මේ අතර වව්නියාව හා මන්නාරම ප්‍රධාන මාර්ගයේ පිලිසකර කිරීම්ද කොරෝණා අවධානම හේතුවෙන් නවතා දමා තිබූ අතර මේ වන විට එම මාර්ගයේද පිලිසකර කිරීම් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබුණි.
