බත්තරමුල්ල වික්‍රමසිංහ පුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසළ දී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
ව්‍යාපාරික සදුන් මලින්ද තේනුවර නැමැත්තාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයාගෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරු පදිංචිව සිටි නාරාහේන්පිට නිවසට පෙරේදා පොලිසිය ගිය ද ඔහු අනුරාධපුරයේ ගිය බව මුරකරු තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දන්වා තිබූ බව පොලිසිය කියයි.
මාලක සිල්වා මහතාගේ පියා වන හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද ඊයේ රාත්‍රියේ තලංගම පොලිසිය වෙත පැමිණ සිටි බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
සැකකරු අද කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් දිල්රුක් මහතා පරීක්ෂණ පවත්වයි