රුපියල් ලක්ෂ 35කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් දෙහිවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි.
සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 25 කට අධික ප්‍රමාණයක් හා ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව දෙහිවල ඉනීශියන් පාරේ හොටලයක් ආසන්නයේ දී සැකකරු කේරල ගංජා කිලෝ 12 ක ප්‍රමාණයක් මෝටර් රථයෙන් ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගේ මවගේ බොරලැස්ගමුව නිවසේ සඟවා තිබූ තවත් කේරල ගංජා කිලෝ 12කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දෙහිවල පොලිසිය වෙත භාරදී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකකය පරීක්ෂණ පවත්වයි.
