2025 දෙසැම්බර් 09 වන දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරතිබූ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පොඩි ලැසී’ එම කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරටින් පලා ගොස් ඉන්දියාවේ සැඟවී සිටියේය.
මෙලෙස ඉන්දියාවේ සැඟවී සිටි මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය මඟින් ශ්‍රී ලංකා ආරක්ෂක බලධාරීන් නිල වශයෙන් දැනුවත් කිරීමක් පසුගියදා සිදුකෙරුනා. මෙලෙස අත්අඩංගුවට පත් ‘පොඩි ලැසී’ යලි මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා. (I J)