saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

Latest News - timelapse 938 hours ago

LATEST

බදු නිසා පීඩාවට පත් ජනතාවට සහන

calendar_today 2024 ඔක් 04 - 07:13 remove_red_eye - 1364  

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එළඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතා මේ දක්වා තීරණය කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණයට දින නියම කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Read More

ජෝර්දානයේ ඇගලුම් කම්හලක සේවයේ නියතුව සිටියදී රෝගාතුරව මිය ගිය සිය දියණියගේ දේහය කඩිනමින්ම් ලංකාවට ගෙනවිත් දෙන ලෙස කොස්ගොඩ වතුරවෙල පදිංචි මාපියෝ යුවළ්ක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Read More

වත්මන් ආණ්ඩුව අතින් බරපතල වරදක් සිදු නොවුව හොත් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන එකසිය විස්සක පමණ ප්‍රමාණයක් දිනා ගැනීමේ හැකියාව ඔවුන් සතු බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ අද දින (03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. පිවිතුරු හෙළ උරුමය නායකයා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

Read More

ජනාධිපතිවරයාගේ ජනතාවාදී කටයුතු නිසා ජාතික ජන බලවේගයට මහ මැතිවරණයේදී තුනෙන් දෙකකට වැඩි බලයක් අනිවාර්යෙන්ම ලැබෙන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.

Read More

2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.

Read More

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

Read More

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙසින් හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා අද දින (.03) වැඩ භාර ගැනීම සිදුවිය. 1982 වර්ෂයේ කැඩෙට් නිලධාරියෙකු ලෙසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ මහතා 2015 වර්ෂයේ දී නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානි ධූරයට පත් විය.

Read More

මෙතෙක් සිටි නායකයින් මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළ ආකාරයෙන් මින් ඉදිරියට මාධ්‍ය ඉදිරියේ රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කිරීමට ලක් නොකරන අතර එවැනි මාධ්‍ය සංදර්ශන තමන් පිළි නොගන්නා බවත් රාජ්‍ය සේවකයාගේ ගරුත්වය රකිමින් පුරවැසියා තෘප්තිමත් වන රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයාවන දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි. ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.

Read More

පහතරට වි ගොවින් එම වගාවෙන් ඉවත් වි නුවරඑලියට ආවේනික වු කැරට්, ගෝවා, බිට්රුට් වැනි එලළුව දෙමහුන් බීජ භාවිතා කරමින් වගා කිරිම නිසා උඩරට ගොවින්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වි ඇති බවට උඩරට ගොවින් මැසිවිලි නගති.

Read More

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එස්. ආලෝක බණ්ඩාර මහතා පත්කර තිබේ.

Read More

ඒ අදාළ නඩුව අද(03දා) කොළඹ මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

Read More

ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකනුයේ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම් කර ඇති නිසාවෙනි. පියයුරු පිළිකා පිළිබද මාසයේ දී ඒ පිළිබදව මනා ප්‍රචාරයක් ඔස්සේ සමාජය දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ පාගමනක් සහ විශේෂ උත්සවයක් ඊයේ දින (02) සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා මෙන්ම, කලාකරුවන් සහ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

Read More

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් “තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දමමු” යනුවෙන් මුහුණු පොතේ තර්ජනාත්මක ප්‍රකාශයක් පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂකවරයාට ඊයේ (02) පැමිණිල්ලක් කළේය.

Read More

නොවැම්බර් 14දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් ඊයේ දිනය වන විට ස්වාධින කණ්ඩායම් 58ක් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මේ අතරින් මේ දක්වා වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයෙන් වෙයි. එම අගය කණ්ඩායම් 10කි.

Read More

2024 කාන්තා 20 විස්ස ලෝක කුසලාන තරගාවලිය අද(03දා) එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී ආරම්භ වේ.

Read More

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි (Mizukoshi Hideaki) මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය සමග එක්ව තරඟ කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයි එම කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තවුපික් මහතා පැවසීය.

Read More

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

Read More

IMF වැඩසටහනේ ප්‍රගතිය සහ ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ අරමුදල් පහසුකමේ සිව්වන වාරිකය ලබා දීමට අදාළ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ අරමුණයි.

Read More

ශ්‍රි ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඒ අනුව මේ වන විට ශ්‍රි ලාංකිකයින් 2330ක් ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා අතර හමුවක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

Read More

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරග දෙක පරාජය වීම නිසා නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට..

Read More

ඉන්දියී විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශංකර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

Read More

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඒ සඳහා අවශ්‍ය ජල ධාරීතාවය තිබෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (02දා) රටවල් 07ක තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Read More

තායිලන්තයේ බැංකොක් නුවර පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් ගිනි ගැනීමට ලක්වීමෙන් ළමුන් 25 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.