සිරිපා අඩවිය 2028දී මීට වසර 40කට පෙර තිබූ තත්ත්වයට
අධි සංවේදී පරිසර කලාපයක් වන ශ්‍රීපාද අඩවියේ කැළි කසළ ඉවත් කිරිමේ “සමනොළ සිරි හරිත වන්දනා ජාතික වැඩසටහන “ මෙම මස 19 වැනි දින ආරම්භ කෙරෙන බව ජනාධිපති අතිරේක ලේකම් එස් .පී.සී .සුගීෂ්වර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (16) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ක්ලීන් ශ්‍රී ලංකා යටතේ ආරම්භ කෙරෙන මෙම වැඩසටහන සඳහා පරිසර අමාත්‍යංශය ඇතුලු රාජ්‍ය ආයතන , ත්‍රිවිධ හමුදාව , පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම පරිසර සංවිධාන , සිවිල් කණ්ඩායම් සහ මහජනතාව එක් කර ගැනීමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
අධි සංවේදී කලාපයක් ලෙස හඳුනාගෙන ඇති මෙම පරිසර පද්ධතියට හානි වීම මුළු රටටම බලපාන බව සඳහන් කළ ඒ මහතා ප්‍රධාන ගංගා ද්‍රෝණි හතරක් ආරම්භ වන්නේ සිිරිපා අඩවියෙන් බවත් මෙම ජල ද්‍රෝනිවල ඉහළම ස්ථානයේ සිදුවන ජලයේ වෙනස සමස්ත ජල පද්ධතියටම හානිකර වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මීට දශක 4කට පමණ පෙර පැවති ශ්‍රීපාද අඩවිය ආශ්රිත පරිසර පද්ධතිය වර්ෂ 2028 වන විට එම තත්වයට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව සඳහන් කළ ඒ මහතා එම වගකීම ක්ලීන් ශ්‍රී ලංකා සංවිධානය භාර ගෙන ඇති බවත් සඳහන් කළේය.
එසේම මෙවර සිරිපා වන්දනා සමය තුළ තමන්ගේ බැතිමතුන් පොලිතින් ප්ලාස්ටික්වලින් තොරව හරිත වන්දනාවක් බවට පත් කිරීමට දැනුවත් කරන ලෙස සියලුම පූජ්‍ය පක්ෂයෙන් සුගීෂ්වර මහතා ඉල්ලීමක් කළේය.තවද තමන් රැගෙන යන පොලිතින් ප්ලාස්ටික් පරිසර පද්ධතියට මුදා නොහැර නැවත රැගෙන එන ලෙසද ඒ මහතා වන්දනාකරුවන්ට දැනුම් දෙ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

