saravita-anim2

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා

Latest News - timelapse 6735 hours ago

LATEST

ආසාදිතයින් 2,251කට සුවයි

calendar_today 2021 ජුනි 28 - 16:35 remove_red_eye - 113  

අද (28) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 2,251 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනැමුවේය.

Read More

සිය නිවසතුළම ගෙල වැලලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය පිළිබදව කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් අසාධිතයෙක් බව (28) දා අනාවරණය වී තිබේ .

Read More

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්. රත්නසිරි මහතා එම ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොවිඩ් 19 අසාදිතයන් 32 දෙනෙක් අද හදුනාගත් බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම මහතා පැවසීය .

Read More

විනය විරෝධී ලෙස ජෛව ආරක්ෂිත බුබුලෙන් පිටතට යාම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්,නිරෝෂන් දික්වැල්ල,දනුෂ්ක ගුණතිලක යන අයට තාවකාලික තරඟ තහනමක් පැණවිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

Read More

මේ නව පනත් කෙටුම්පත ගෙන එනු ලබන්නේ ශාසනය විනාශ කිරීම සඳහා කුමන හෝ කණ්ඩායමක අතකොළුවක් වූ කණ්ඩායමක් රාජ්‍යය රාජ්‍ය බලය යොදා ගැනීමට උත්සාහ කරමිනුයි . මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ වසර දහස් ගණනක් සාම්ප්‍රදායිකව ගොඩනැගුන මහනායක අනුනායක හිමිවරුන් ගේ බල අධිකාරිය පහතට දමමින් ඊට උඩින් සංඝරාජ මට්ටමේ භික්ෂූන් වහන්සේ කෙනෙකු මතුවීම සඳහා රාජ්‍ය අධිකාරිය, දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කිරීමටයි.

Read More

(UPDATE) එංගලන්ත තරග සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ රණාගේ සමීපතමයෙකු පන්නෙගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

ඉන්දියාවේ වේගයෙන් පැතිරගිය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු පුද්ගලයෙකු කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ දී හඳුනාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ පවත්වනු ලබන බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයේ (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) මුහුදු අදියර ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි 26 වන දින ආරම්භ විය.

Read More

ඒක්දින තරග තුනක්, විස්සයි20 තරග තුනක් ක්‍රීඩා කිරීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම අද (28දා) දිවයිනට පැමිණියේය.

Read More

ඉකුත් මාර්තු 09 වනදා ආන්දෝලනයකට තුඩු දුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ගතවු දිනයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන ආසාදිතයින් 378 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියකට එක්වීම සඳහා ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව තිබේ.

Read More

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසහටනට අදාලව ඊයේ දිනයේදි පුද්ගලයින් 49,703 දෙනෙකුට ලබාදි තිබේ.

Read More

තමා අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 78කු (27) දින පස්වරු 4.00 න් අවසන් වු පැය 24 තුල වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.

Read More

එම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය එංගලන්තයේ සිටින කණ්ඩායම් කළමනාකරුගෙන් කරුණු විමසා ඇති බවද දැනගන්නට තිබේ. මූලිකම ඔවුන් දෙදෙනා තරගාවලිය සම්බන්ධයෙන් වූ ප්‍රොටෝකෝලය බිඳ දමා ඇත්දැයි මෙහිදී කණ්ඩායම් කළමනාකරුගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

Read More

“හරියට ඔවුන් මීට කලින් ක්‍රිකට් ක්‍රීඩා කරලා නෑ වගෙයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස මටනම් ඒ පිළිබඳව ගොඩක් කනගාටුයි. ඒ පළමු අවස්ථාව නෙමෙයි. ඒක දිගු කාලයක සිට දැන් සිදුවෙනවා. ජාතියේ අභිමානයට හානිවෙලා”

Read More

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදුන් විශ්වාසභංගය ජුලි 20 දා හා 22 දා අතර දිනයකදී විවාදයට ගැනීමට නියමිත බව වාර්තාවෙයි.

Read More

මහියංගණය, ගැමුණුපුර ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අගුලු දැමීම්, දැඩි සමාජ දුරස්ථ රීති සහ වේගවත් සම්බන්ධතා සොයාගැනීම මීට පෙර සම්ප්‍රේෂණයන් සාර්ථකව මැඬපැවැත්වීමට ඔස්ට්‍රේලියාවට උපකාරී වූ නමුදු වේගයෙන් ගමන් කරන ඩෙල්ටා ප්‍රභේදය එරට සෞඛ්‍ය බලධාරීන් බිය ගන්වා තිබේ.

Read More

තම රට පිළිබඳව කිසිඳු තැකීමක් නොකරමින් ක්‍රීඩා කරන මෙම කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙපළක් ඊයේ රාත්‍රී 11.28ට පමණ ඩර්හැම් නගරයේ වීදියක සිටිමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

Read More

කොළඹ මහනගර සභා සීමාවේ ඇස්ට්‍රාසෙනිකා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයින්ට එහි දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමේ කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

Read More

බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 428 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ අද 28 වන විට 630 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පොහොර හිඟයෙන් පෙළෙන ගොවි ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවැසීය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.