විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගී වෙමින් මවකගේ අක්මාවෙන් කොටසක් ගෙන සිය පුතුට බද්ධ කළ විශේෂ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී සිදුකර තිබේ
ජීවත්ව සිටින පුද්ගලයකුගේ අක්මාවෙන් කොටසක් ගෙන දරුවකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව ඉතා සාර්ථක වූ බව පේරාදෙණිය ශික්ෂණ රොහල් අධ්යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා කියා සිටියේ ය.
පසුගිය සැප්තැම්බර් 25 වන දින සිදුකල මෙම සැත්කම සඳහා පැය 13 කට ආසන්න කාලයක් ගත වූ බවද මේ සඳහා රෝහල තුළ සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව පළපුරුද්ද හා දැනුම ඇති විශේෂඥ වෛද්‍යවරුන් රාගම මහනුවර සහ කොළඹ රෝහල් වලින් කැඳවීම ට සිදු වූ බව ද වෛද්‍යය තිලකරත්න මහතා කීය.
මව ගෙන් ලබාගන්නා ලද අක්මාවේ කොටසක් සිය පුතුට බද්ධ කළ අද්විතීය අක්මා බද්ධ ශල්‍යකර්මයක් වන මෙම ශල්‍යකර්මය සඳහා ලක් කරනු ලැබූයේ
ඇළහැර බකමූණ පදිංචිව සිටි වයස අවුරුදු පහළොවක් වන පුතෙකු සහ වයස අවුරුදු තිස් හතක් වන මවය.
ශල්‍යාගාරයක් තුළදී ශල්‍ය කර්ම තුනක් එකවර සිදු කරන සුවිශේෂී ශල්‍යකර්මයක් වන මේ සදහා ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පහළොස් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සහභාගි වී තිබේ.
ශල්‍යකර්මයට භාජනය කළ පුතු සහ මව මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසු වන බව රෝහල් අධ්යක්ෂවරයා කීය.
