ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා හි කොන්ඩෝ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයක පැවති බවට ඊට දින කිහිපයකට පෙර යම් අනතුරු ඇඟවීමක් සිදුව තිබියදීත්, එය නොසලකා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට ඇතිවී තිබෙන කතාබහ හමුවේ නිලධාරීන් ෆ්ලොරීඩාහි ජනතාව අස්වසාලීමට උත්සාහ කරමින් සිටියි.
මින්නේරිය ජාතික වන උද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජිවි නිලධාරින්ගේ රාජකාරියට බාධා කල මේජර් ජෙනරාල් මොහාන් රත්නායක මහතා ඇතුළු යුධ හමුදා නිලධාරින් සම්බන්ධයෙන් හබරණ පොලිසිය වෙත පසුගිය දා සිදුකල පැමිණිල්ලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්විම සම්බන්ධයෙන් දිවයින පුරා සිටින වනජිවි නිලධාරින් 2021.07.02 දින සංකේත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන බව සමස්ත ලංකා වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ද පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
Read Moreචීනයේ හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමින් සැරසී ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමෙන් වළකින ලෙසය චීන සේවකයන් දැනුවත් කරන්නැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වෙත ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැන්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී වාර්තාවී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1709ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අද දිනයේදී තවත් ආසාදිතයන් 389ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreනිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ ආදි ශිෂ්‍ය සංගමය විසින් රුපියල් ලක්ෂ 6කට අධික වටිනාකමකින් යුත් හෘද ස්පන්දන ඔක්සිමීටර් තොගයක් පරිත්‍යාග කර ඇත.
Read More’’සූමා, හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීම හැර වෙනත් විකල්පයක් මට ඉතිරිව නැහැ. එසේ කිරීමෙන් නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීම ගැන නිසැක පණිවුඩයක් ලැබෙනු ඇතැයි යන බලාපොරොත්තුව පවතිනවා.’’ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරුවරයා පැවසීය.
Read More2016 වසරේ මාර්තු මස සිදුවූ බැඳුම්කර වෙන්දේසියක දී රජයට රුපියල් බිලියන 36කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් යළි විභාගය සඳහා ජූලි මස 20 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියමකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 45ක් වාර්තා වී තිබේ. මෙම කොවිඩ් මරණ ඊයේ (28දා) තහවුරු කර තිබේ.
Read Moreඑංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවැත්වෙන එක්දින තරගය එංගන්ත නායක ඔයින් මෝගන්ගේ 244 වැනි එක්දින තරගය වෙයි.
Read Moreඑංගලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම 185ක් රැස් කළේය. නායක කුසල් පෙරේරා සහ වනිඳු හසරංග සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක් එක් කළහ. ඩේවිඩ් විලී පන්දු ඕවර 10ක් යවා ලකුණු 44කට කඩුලු 3ක් දවාගත් අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේය.
Read Moreඅද (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,320ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreසියලුම විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යයමණ්ඩල එන්නත්කරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,222ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 223,471ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනතුරු අඟවයි.
Read Moreළමයින් හා නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් බයෝටෙක් සමාගම සංවර්ධනය කරන ලද කොරෝනාවැක් කොවිඩ්-19 මර්දන එන්නත පිළිබඳ සායනික පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එම එන්නත් මාත්‍රා දෙකක් ඔවුන් සඳහා ආරක්ෂිත අතර, ශක්තිමත් ප්‍රතිදේහ ප්‍රතිචාරයක් ජනනය කරන බවයි.
Read More2021 අප්‍රේල් මස 21 වැනි දින පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී සිදු වූ සිද්ධීන් පිළිබඳව සොයා බලා ඒවාට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම පත්කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දීමට ඊයේ (28දා) රැස් වූ එම කමිටුව තීරණය කළේය.
Read Moreපාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන්ට එරෙහිව දැනට පවතින දඩ මුදල වන රුපියල් 2500ක මුදල රුපියල් ලක්ෂ 05 දක්වා ඉහළ දැමිය හැකි ලෙස සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.
Read More2021 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට තීරණය කළ බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර සිටියි.
Read Moreගම්පහ රෝහලේ ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිඩකයන් තිදෙනෙක් එක්දින වරම් ලබා තිබේ. චරිත් අසලංක, ධනංජය ලක්ෂාන් හා ප්‍රවීන් ජයවික්‍රම එම ක්‍රීඩකයන් වෙයි.
Read Moreශ්‍රී ලංකා - එංගලන්ත පළමු එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කර තිබේ. චරිත් අසලංක,ධනංජය ලක්ෂාන්,ප්‍රවීන් ජයවික්‍රමට එක්දින ජාත්‍යන්තර වරම් හිමි වී තිබේ.
Read Moreමධ්‍යම පලාත තුල කොවිඩ් මර්දනය සදහා දියත් කර ඇති වැඩපිලිවෙල හමුවේ පසුගිය සති දෙක කාලය තුල මධ්‍යම පලාත තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වාර්තා විමේ අඩුවක් සහ කොවිඩ් මරණ වාර්තා විමේ අඩුවක් දක්නට ලැබෙන බව මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පැවසිය.
Read Moreබද්දේගම, ඉදිගස්කැටියේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක පුද්ගලයින් 43දෙනෙකුට කොරොනා ආසාදන වී ඇති බව පසුගිය දින කිහිපයේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
Read Moreමෙරට තවත් පුද්ගලයින් 30,966 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව සහ පුද්ගලයින් 37,812 දෙනෙකුට එම එන්නතේ දෙවන මාත්‍රාව ඊයේ දිනයේදී ලබා දී තිබෙනවා.
Read Moreඑංගලන්ත සංචාරයට එක්ව සිටියදී විනය හේතුන් මත යළිත් ශ්‍රී ලංකාවට කැඳවූ උපනායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක හා කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අද (29දා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
Read Moreගත වූ දිනයේ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.
Read Moreමහනුවර මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා හා පුතා කෝවිඩ් වෛරසය ආසාදිතව මියයාමේ සංවේදී සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ බව මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ගිහාන් වීරසූරිය මහතා පවසයි .
Read Moreජුනි 28 වන විට අච්චු ගහන ලද මුලු මුදල් ප්‍රමාණය රු. ට්‍රිලියනය ඉක්මවන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව ඇති විහාරස්ථාන සහ අනෙකුත් ආගමික ස්ථාන සඳහා රුපියල් 5,000ක් වටිනා වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් සැපයීමට රජය තීරණය කර තිබේ.
Read More