ප්‍රවාහන විෂයභාර ඇමතිනියගේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් මැති ඇමතිවරුන්ගේ අනුමැතිය ලැබෙන්නේ නම් කැණිවැලි දුම්රිය මාර්ගය කෙටි කාලයක තුල අඩු වියදමකින් ඇහැලියගොඩ දක්වා දීර්ඝ කළ හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී ජේ.අයි.ඞී. ජයසුන්දර මහතා දැනුම්දුන් බව ජන එකමුතුව සංවිධානයේ ලේකම් ගීත් මානවමිත්ර මහතා පැවසුවේය.
තම සංවිධානයේ ඉල්ලීමක් මත දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුලූ දුම්රිය දෙපාර්තම්න්තුවේ නිලධාරින් පිරිසක් අවිස්සාවේල්ලේ සිට ඇහැලියගොඩ දක්වා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම චාරිකාවේ දී ඔවුන්ට ගැටහැත්ත දක්වා පැරණි දුම්රිය මාර්ගය ඔස්සේ බාධාවකින් තොරව වාහනයකින් පැමිණිමට හැකිවු බව ද ජන එකමුතුව සංවිධානයේ ලේකම් ගීත් මානවමිත්ර මහතා ස`දහන් කළේය. චාරිකාවට එක්වු ඇහැළියගොඩ ප්ර්රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතා ද එය සනාථ කළේය.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා වූ කොටසේ දුම්රිය ගමනාගමනය 1976 දී නතර විනි. එකී කාලයේ සිට මේ දක්වා පැරණි දුම්රිය මාර්ගයේ තැනින් පැරණි මාර්ගය ඇතත් සමහර ස්ථානවල විවිධ ඉදිකිරිම් පවතී. ඇතැම් ඉදිකිරිම් පුද්ගලිකවන අතර සමහර ඉදිකිරිම් රාජ්‍ය ආයතන සතුය.
ගැටහැත්ත පැරණි දුම්රිය ස්ථානයේ කලක් ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ස්ථාපිත කරතිබුණි. පසුව ඇහැළියගොඩ නගරයට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගෙනයාමෙන් පසු ගැටහැත්ත පැරණි දුම්රිය නැවතුම ගරා වැටිමට ලක්විය.
වත්මන් ඇහැළියගොඩ ප්ර්රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතා මුල්වී මේවනවිට එය පැරණි පෙනුමට හානියක් නොවන පරිදි අලූත්වැඩියා කර ඇත. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගැටහැත්ත පැරණි දුම්රිය නැවතුම්පොළ ද නිරීක්ෂණය කළේය.
රත්නපුර සිට කොළඹ බලා යන මගීන්ට බස්රථවලින් හයිලෙවල් මාර්ගයෙන් ගමන නිමා කිරීමට පැය තුන හමාරක හතරක පමණ කාලයක් ගතවෙයි. ඒ දැඩි වාහන තදබය නිසාය. කැළණිවැලි දුම්රිය මුලින් තිබුණේ පටු ආමාන මාර්ගය ලෙසය. එහෙත් දැන් අවිස්සාවේල්ල දක්වා පළල් ආමාන මාර්ගයක් ලෙස නවීකරණය කර ඇත.
දැනට අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා දිනකට මගී දුම්රිය ගමන් වාර හයක් පමණ සිදුකරයි. අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ ගාල්කළ හැක්කේ දුම්රිය තුනක් පමණක් බව දුම්රිය දොර්තමේන්තුව කියයි. පාන්දර ගමන් ගන්නා එක් දුම්රියක් කොස්ගම දුම්රිය පොළ පසුකළ විට කොස්ගම දුම්රිය පොළේ නවතා ඇති දුම්රියක් අවිස්සාවේල්ල දක්වා ගමන්ගන්නා බවද සඳහන් කරයි. නමුත් දුම්රිය මාර්ගය ඇහැළියගොඩට දිර්ඝ කළහොත් ඇහැළියගොඩ දුම්රිය දෙකක් නැවැත්වීමේ පහසුකම් දියුණු කළ හැකි බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කැළණිවැලි දුම්රිය මාර්ගය අදියර කිහිපයක් යටතේ රත්නපුරය දක්වා දීර්ඝ කිරිම සම්න්ධව යෝජනා රජයට ඉදිරිපත් කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාකිරිමට ද නියමිතයි. එම සැලසුම් සඳහා අනුමැතිය ලැබුණ හොත් 2022දී වැඩ ආරම්භ වී ඇහැළියගොඩ දක්වා කොච්චියක් එන්නට 2023දී හැකිවනු ඇතැයි ද දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පෙන්වා දෙයි.
