ඉන්දන සඟවා හිඟයක් ඇති කර පසුව ඉන්දන මිල ඉහළ දැමීම ඉන්දන මිල පිළිබඳ ආණ්ඩුවේ මිල සූත්‍රය වී තිබෙන බවට සමාජ මාධ්‍යන්හී සඳහන් වන බවත් සාදනීය ලෙස ඛණිජ තෙල් මිල ඉහළ පහළ යෑම තුල ජනතාවට සහන සැලසීමේ මිල සූත්‍රය කුමක්ද යන්න ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (07දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඉන්දන හිඟයක් ඇති කරමින් මිල වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු නොකරණ බවත් ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් රටකට මිල සූත්‍ර නොගැලපෙන අතර මෙරටට ගැලපෙන්නේ මිල ස්ථායීකරණ අරමුදල බවත් ඊට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම ස්ථායීකරණ අරමුදලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති බලශක්ති අර්බුදය විසඳීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අනුමැතිය හිමිව තිබෙන බවත් ඒ අනුව එළැඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි - පෙට්‍රල් 92 බැරලයක් ගත්තොත් වැඩිවෙලා තිබෙන්නේ ඩොලර් 76යි. ඒක වරායට එනකොට 97 සත 70ක් වෙනවා. ඒ වගේම දැන් වෙළදපොළේ මේ පෙට්‍රල් 92 විකුණන්නේ රුපියල් 157ට. ඒ 157 වෙන්නේ සැකසුම් වියදම් ලෙස රුපියල් 10 සත 60ක් එකතු කරනවා.
ඒ වගේම තෙල් සංස්ථාවේ පාඩුව වෙනුවෙන් රුපියලයි සත 84ක් එකතු වෙනවා. පරිපාලන වියදම් රුපියලක්, ලාභය රුපියල් 6යි සත 40ක්, බද්ද හැටියට රුපියල් 39 සත 33ක් ලෙස තමයි පෙට්‍රල් 92 ගාණ හැදෙන්නේ. ඒ එකතුවීම තුල තමයි මෙලෙස 157ට විකුණන්නේ. දීර්ඝ කාලයක් අධ්‍යනය කරාම වැඩි වුනත් අඩු වුනත්, ඒ කියන්නේ ඩොලරය ඉහළ ගියත් පහල ගියත් පාඩුවක් තෙල් සංස්ථාවට වෙන්න විදියක් නෑ.
නමුත් අපට තිබෙන ප්රශ්නය ඉතිහාසයේ සිටම තෙල් සංස්ථාව තුල අලාභ සහ පාඩු තිබෙනවා. මේ විදියට බැලුවම පාඩු වෙන්නත් බෑ පාඩු වෙන්නත් බෑ. මිල සූත්‍ර තිබුනා. පසුගිය කාලයේ අපි හදපු එක විවේචනයට ලක්වුනා. ඒ මිල සූත්‍රයෙන් පාර්භෝගිකයාට වාසියක් සිදු වුනේ නෑ. දැන් තියෙන එක ගැන සාමාජ මාධ්‍යයේ සඳහන් වෙනවා සඟවනවා එකතු කිරීම හිඟවෙනවා සමානයි මිල වැඩි කිරීම කියලා. සාදනීය ලෙස මේ ඉහළ පහළ යෑම තුල වර්ථමාන ආණ්ඩුවේ මිල සූත්‍රය කුමක්ද?
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල - යම් යම් භාණ්ඩ වෙළදපොළේ හිඟයන් ඇති වෙන්න ඇති. මිල වැඩි කිරීම් වෙන්න ඇති. ඒත් මගේ අධීක්ෂණය යටතේ තිබෙන ඛණිජතෙල් මිල සම්බන්දයෙන් ඒක අදාල නෑ. විපක්ෂනායකවරයා ඇතුලු බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඛණිජතෙල් හිඟයක් ඇතිවෙනවා කියලා විවිධ ලෙස ප්‍රකාශ කලත් එවැනි තත්ත්වයක් ඇති නොවීමට අපි වගබලා ගත්තා. ඒ නිසා ඉන්දන හිඟයක් ඇති කර මිල වැඩි කිරීම කියන කාරණය අපේ විශයට අදාල නෑ.
නමුත් ඔබ අහන ප්රශ්නය සාදාරණයි. මිල සූත්‍රයෙනුත් සාධාරණයක් වුනේ නෑ. පාර්භෝගිකයාට සාධාරනයක් ඉටු වෙන්න කළහැක්කේ කුමක්ද. පසුගිය පෙබරවාරි මාසයේ ලෝක වෙළදපොලේ ඉන්දන මිල ශීඝ්‍රයෙන් වැඩි වෙන බව පෙන්වලා මා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා මිල ස්ථායීකරණ අරමුදලක් පිහිටුවන්න.
ලෝකයේ ඉන්දන මිල සම්බන්දයෙන් පාවිච්චි කරන ක්‍රමවේද දෙකක් තිබෙනවා. ඒක තමයි මිල සූත්‍රය පසුගිය ආණ්ඩුව පාවිච්චි කරපු. අනිත් එක මිල ස්ථායීකරණ අරමුද. අපේ අධ්‍යනයෙන් අදුර ගත්තා ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් ලබන රටකට වඩාත් ගැලපෙන්නේ මිල සූත්‍රය නොව මිල ස්ථායීකරණ අරමුදලයි.
ලෝකයේ රටවල් 07ක මිල සූත්‍ර ක්‍රියාත්මක කරන ආකාරය අධ්‍යනය කරලා තමයි අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාව යොමු කළේ. එය භාණ්ඩාගාරයේ එකඟතාවය නොලැඹුනු නිසා අමාත්‍ය මණ්ඩලය තීරණය කළා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් තිබෙන බලශක්ති අර්බුදය විසඳීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ඉදිරිපත් කරන්න. ඒ අනුකමිටුව එය අනුමත කරා. ඇත්තටම මාස 5ක් තිස්සේ අනුකමිටුවේ සාකච්ඡාවට ගැනුනා. ඒ අනුව එය අනුමත කරලා එළැඹෙන සදුදා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.