සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට අනුගතව ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය දෙස් විදෙස් සංචාරකයන්ට අද (07) සිට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.
ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුවේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ එකම සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස ඉතිහාසයට එකතුවන ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වලට අනුගතව දෙස් විදෙස් සංචාරකයන්ට අද (07) සිට විවෘත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගාල්ල ව්‍යාපෘතිය තීරණය කර තිබේ.
සමුද්‍ර පුරාවිද්‍යා විෂය ක්ෂේත්රය පිළිබඳ උනන්දුවක් දක්වන සියළු දෙනාට සහ මේ පිළිබඳව අධ්‍යනය කටයුතු කරන පාසැල් දරුවන්ට මෙම කෞතුකාගාරය සතියේ වැඩ කරන දිනයන්හි උදෑසන 8.00 සිට සවස 4 .00 දක්වා විවෘතව ඇත .
මෙම කෞතුකාගාරයේ පැරණි ඕලන්ද භාණ්ඩ ගබඩා ගොඩනැගිල්ලේ ස්ථාපිත සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලාංකේය සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත්රයේ සම්බන්ධව තොරතුරු රැසක් ප්‍රදර්ශනය කරයි. ගාල්ල වරාය ආශ්‍රිතව ගිලී ගිය පැරණි නෞකාවන්හී ඉතිරිව ඇති කොටස් සජීවීව දැක ගැනීමටත් අතිශය දුර්ලභ වීඩියෝ චිත්‍රපට මගින් මුහුද යට ගිලි ගිය නෞකාවන් දකගැනීමටත් ඔබට මේ මගින් අවස්ථාව උදාවන එකම ස්ථානය සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය පමණි.
සමුද්‍ර පුරාවිද්‍යා විෂය ක්ෂේත්රය තුලදී මෑතකාලීනව සොයාගන්නා ලද නවතම පුරාවස්තු පිළිබඳ තොරතුරු රැසක් දැන ගැනීමට ද ඔබට අවකාශ උදා වනු ඇත.