2022 වර්ෂය සදහා රජයේ ඇස්තමේතුගත රුපියල් බිලියන 2,505ක් (2,505,346,558,000) වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේය.
අදාල ඇස්තමේතුගත රජයේ මුලු වියදමින් රුපියල් බිලියන 1,776කට වැඩි ප්‍රමාණයක් (1,776,402,325,000) පුනරාවර්තන වියදම් ලෙස සඳහන් කර ඇත.
එළැඹෙන වසර සඳහා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ලෙස රුපියල් බිලියන 2.78ක්(2,788,800,000) දක්වා ඇත.
මේ අතර 2022 වර්ෂය සඳහා වැඩිම මුදලක් වෙන් කර තිබෙනුයේ ආරක්ෂක අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 373ක්(373,045,860,000) ලෙස දක්වා තිබේ.
එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට අමතරව වැඩිම මුදලක් වන රුපියල් බිලියන 286.7ක්( 286,776,000,000) මුදල රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වෙන් කර ඇත.
මීට අමතරව මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 250.1ක් (250,191,200,000), මුදල් අමාත්‍යාංශයට - රුපියල් බිලියන 185.9ක් (185,915,993,000),සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 153.5ක්(153,528,998,000), අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 127.6ක්(127,605,000,000) ලෙසද 2022 විසර්ජන පනත මගින් වෙන් කර තිබේ.
ඒ අනුව අදාල පනත් කෙටුම්පත පළමු වර කියවීම අද (07දා) සිදුවූ අතර දෙවැනිවර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීම එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා සිදු කරනු ඇත.
අනතුරුව තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවට අදාළ විවාද පැවැත්වෙන අතර පසුව එළැඹෙන දෙසැම්බර් 10 වැනිදා 2022 අයවැය ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතව තිබේ.
මෙලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2022 වසර සදහා රජයේ ඇස්තමේතුගත රුපියල් බිලියන 2,505ක් වන විසර්ජන පනත් කෙටුම්පතට අදාලව එක් එක් කැබිනට් අමාත්‍යාංශ සඳහා වෙන් කර ඇති මුදල පහත පරිදී වේ.
- බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය - රුපියල් බිලියන 5.2ක්(5,255,000,000)
- මුදල් අමාත්‍යාංශයට - රුපියල් බිලියන 185.9ක් (185,915,993,000)
- ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ආමත්‍යාංශය - රුපියල් 7ක් (7,087,300,000)
- ආරක්ෂක අමාත්‍යාංශයට - රුපියල් බිලියන 373ක්(373,045,860,000)
- ජනමාධ්‍ය අමාත්‍යාංශයට - රුපියල් බිලියන 20 ක්(20,296,060,000)
- අධිකරණ අමාත්‍යාංශයට -රුලියල් බිලියන 19.4ක් (19,449,460,000)
- සෞඛ්‍ය අමාත්‍යාංශයට - රුපියල් බිලියන 153.5ක්(153,528,998,000)
- විදේශ අමාත්‍යාංශයට -රුපියල් බිලියන 13.1ක්(13,128,350,000)
- ප්‍රවාහන අමාත්‍යාංශයට- රුපියල් බිලියන 31.2ක් (31,229,950,000)
- බලශක්ති අමාත්‍යාංශයට- රුපියල් 251,900,000
- වෙළද අමාත්‍යාංශයට -රුපියල් බිලියන 4.4ක් (4,448,000,000)
- මහාමාර්ග අමාත්‍යාංශයට -රුපියල් බිලියන 250.1ක් (250,191,200,000)
- කෘෂිකර්ම අමාත්‍යාංශයට -රුපියල් බිලියන 24.3ක්(24,395,100,000)
- විදුලිබල අමාත්‍යාංශයට -රුපියල් 266,300,000
- ඉඩම් අමාත්‍යාංශයට -රුපියල් 8.8ක් (8,866,750,000)
- අධ්‍යාපන අමාත්‍යාංශයට -රුපියල් 127.6ක්(127,605,000,000)
- රාජ්‍ය සේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන- 286.7ක්( 286,776,000,000)
- වැවිලි අමාත්‍යාංශයට -රුපියල් බිලියන 1 (1,049,000,000)
- කර්මාන්ත අමාත්‍යාංශයට- රුපියල් බිලියන 2.6ක් (2,642,000,000)
- ධීවර අමාත්‍යාංශයට -රුපියල් බිලියන 1.1ක් (1,117,900,000)
- සංචාරක අමාත්‍යාංශය- රුපියල් 923,220,000
- වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයට -රුපියල් බිලියන 1.2ක් (1,282,000,000)
- පරිසර අමාත්‍යාංශයට -රුපියල් බිලියන 1.5ක්(1,598,500,000)
- ජල සම්පාදන අමාත්‍යාංශයට -රුපියල් බිලියන 32.5ක් (32,513,975,000)
- සංවර්ධන සමීබන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශයට -රුපියල් 219,000,000
- වරාය හා නාවික අමාත්‍යාංශයට රුපියල් -බිලියන 1.5ක්(1,541,150,000)
- තාක්ෂණ අමාත්‍යාංශයට -රුපියල් බිලියන 4.3ක්(4,366,550,000)
- මහජන ආරක්ෂක අමාත්‍යාංශයට- රුපියල් බිලියන 106.5ක් (106,558,650,000)
- කම්කරු අමාත්‍යාංශයට -රුපියල් බිලියන 3.9ක් (3,933,000,000)
- තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් බිලියන 4.8ක් (4,853,500,000)
- වාර්මාර්ග අමාත්‍යාංශයට -රුපියල් බිලියන 47.8ක්(47,847,000,000)