ශ්‍රී ලංකා පොලීසිය ඉතිහාසය වෙනස් කරයි
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථමවරට කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් තිදෙනෙක් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිධුරය සඳහා උසස්කර තිබේ.
මේ අනුව මේ වන විට ශ්‍රී ලංකා පොලීසිය කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් හතර දෙනෙක් සේවයේ යෙදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
එසේම කාන්තා පොලිස් නිලධාරිනියකට පොලිස්පති තනතුර සඳහා ගමන් කළ හැකි ආකාරට මේ වන විට පොලිසිය තුළ ප්රතිසංවිධාන කටයුතු සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසිය.
උසස්වීම් ලද කාන්තා පොලිස් නිලධාරිනියන්.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - පද්මිනී මහත්මිය
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - එන්.ඩී. සෙනෙවිරත්න මහත්මිය
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී - ඒ. ආර්.ජයසුන්දර මහත්මිය


