saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 6713 hours ago

LATEST

තවත් සති දෙකක කාලයක් රට වසා තබන්​න

calendar_today 2021 අගෝ 26 - 14:54 remove_red_eye - 528  

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව තවත් සති දෙකක කාලයක් රට වසා තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කර සිටියි.

පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මාතර හා ගන්දර ප්‍රදේශ වල ගල් වැඩපොළවල් මුවාවෙන් අධි බලති පුපුරන ද්‍රව්‍ය රැස්කරගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙක් එම පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

Read More

“කොවැක්ස්” වැඩසටහන ඔස්සේ ජපන් ආධාර යටතේ මෙරටට සෞඛ්‍ය සේවාව සඳහා උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමක් සිදු කෙරිණි.

Read More

කොරෝනා ව්‍යාප්තියත් එක්ක ජීවනෝපාය අහිමි වුණ ජනතාව සදහා රුපියල් දෙදහසක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළේ එම පිරිසට අවශ්‍ය සහාය ලබාදීම සදහායි.

Read More

එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා තිබේ.

Read More

උතුරු කොළඹ ශික්ෂණ (රාගම) රෝහලේ කාර්ය මණ්ඩලයේ 132දෙනකුට කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රාගම රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය තිළිණ ධර්මසිරි මහතා පවසයි.

Read More

පරිසර අමාත්‍යාංශය 2021- 2030 දක්වා ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා දස අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්මක් හඳුන්වා දී තිබෙනවා.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 239650කට ඊයේ දිනයේ කොරෝනා එන්නත් ලබා දී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 15,548 දෙනෙකුට සහ දෙවන මාත්‍රාව 93,434 දෙනෙකුට ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියේය.

Read More

තමන්ට මුළු වැටුපම කොවිඩ් වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැකි නමුත් එම වැටුපෙන් සියයට 50ක් පරිත්‍යාග කිරීමට හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

පවත්නා කොවිඩ් 19 වසංගතය තත්ත්වය හමුවේ රටේ නිරෝධායන ඇදිරි නීතිය පනවා තිබුන ද නුවරඑළිය ගොවි ජනතාවගේ නිෂ්පාදන බාධාවකින් තොරව රට පුරා බෙදාහැරීම සඳහා නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය මගින් වැඩපිළිවෙලක් සකසා ඇති බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (27) ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියි.

Read More

අද (26) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 438 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

Read More

වයස අවුරුදු 30 ට වැඩි සෑම පුද්ගලයෙකුම කඩිනමින් කොරෝනා මර්දන එන්නත් ලබාගැනීමට ඉදිරිපත් විය යුතු බව කෝවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සදහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

සියලු ආර්ථීක මධ්‍යස්ථාන ලබන 28 සහ 29 දෙදින යළි විවෘත කිරිමට තීරණය කර තිබේ. තොග වෙළදාම වෙනුවෙන් පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං පොදු වෙළඳපොළ එම දිනවල විවෘත කෙරෙයි.

Read More

තණමල්විල ප්‍රදේශයේ හටගත් භූකම්පන තත්ත්වය ගොඩබිම තුල සිදුවු කම්පන තත්ත්වයක් නොවන බැවින් ජනතාව අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සහ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයන් 581 ක් ගතවූ පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසා සිටියි.

Read More

බස්නාහිර, සබරගමුව,මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට, මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

Read More

නව කොරෝනා වෛරසය මූලාරම්භ කතාවේදී විද්‍යාගාර කාන්දු උපකල්පනය බැහැර නොකළ යුතු බවට එක්සත් ජනපදය අවධාරනය කරන්නේ නම්, ඔවුන් ආදර්ශයක් ලබා දෙමින්, එරට ෆෝර්ට් ඩෙට්‍රික් සහ උතුරු කැරොලිනා විද්‍යාගාර පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට ආරාධනා කළ යුතු බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කලමනාකාරීත්වය සම්බන්ධයෙන් ගුවන් සත්කාරක සේවක සංගමය සමාජ මාධ්‍ය ඔස්සේ කරන ප්‍රකාශ ගුවන් සේවයේ හොද හිත පළුදු කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක් බව එම සමාගම සඳහන් කරයි.

Read More

කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

Read More

කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා චීනයේ දැඩි ප්‍රවේශය ක්‍රියාත්මක වී ඇති අතර, ජූලි මාසයෙන් පසු ප්‍රථම වතාවට සඳුදා දිනයේදී දේශීයව සම්ප්‍රේෂණය වූ කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සීඑන්එන් පුවත් සේවය පවසයි.

Read More

ඊයේ (24) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 198 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 51 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 146 දෙනෙකු අයත් වෙයි. මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,948 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

නිරෝධායන ඇඳිරි නීතිය නිසා පීඩාවට පත් කැළණිය ප්‍ර දේශයේ ජනතාව වෙත රුපියල් 1000 බැගින් බෙදා දීමට එම ප්‍ර දේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා කටයුතු කර තිබේ ඔහු රුපියල් ලක්ෂ 250ක මුදලක් මෙසේ බෙදා දීමට පියවර ගැනිණ. එම මුදල් කැළණිය නාහේන ප්‍ර දේශයේදී බෙදා දීම අද (25දා) ආරම්භ කළේය.

Read More

ඔස්ට්‍රේලියාවේ විශාලතම අගනගරය වන සිඩ්නි, දැඩි වසංගත තත්ත්වයක් යටතේ මාස දෙකක් ගත වුවත් දිනෙන් දින වාර්තා වන ආසාදන සමග අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීමට මහත් වෙහෙසක් දරමින් සිටියි.

Read More

අතරමැදියන් සගවා ඇති වී තොග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

’’මේ වනවිට වසංගතය පැතිරීමේ වේගය මෙන්ම ආසාදන අනුපාතයේ ඉතා ඉහළ වැඩිවීම, අඩු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා’’ ඊශ්‍රායල් රජයේ උපදේශකයෙකු සහ දත්ත විද්‍යාඥයෙකු වන එරාන් සෙගල් පැවසීය.

Read More

හෘදයාබාධයකට ලක්වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියෙකුට පැය දෙකකදී (24) සිදුකළ ස්ටෙන්ට් දැමීමේ සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වී ඇත.

Read More

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශේෂ ප්‍රකාශයක් කර තිබේ. 2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී සහරාන් ඇතුළු කණ්ඩායම සිදු කරන ලද බෝම්බ ප්‍රහාර මාලාව කෙටි කාලයක් තුළ සැලසුම් කළ හුදු තනි අපරාධායක් නොවන බවත් එය සිදුවීමට පෙර සිදු වූ සිදුවීම් කිහිපයක් සැලකිල්ලට ගැනීමේදී දීර්ඝ කාලයක සිට එය සැලසුම්සහතව සිදු කළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බව පොලිස්පතිවරයා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.