රට පාලනය කරන පක්ෂයට විනයක් තිබිය යුතු බවත්, විනයක් නැති පක්ෂයක් රට පාලනය කිරිම නිසා රටේ අර්බුධ රැසක් මතු වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පැවසිය.
බිමල් රත්නායක මහතා මේ බැව් කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ රට වටා දියත් කර ඇති ගමෙන් පටන් ගමු යන වැඩසටහන ඊයේ (21) දින නාවලපිටිය ප්‍රදේශයේ පවත්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු බිමල් රත්නායක මහතා කියා සිටියේ විවිධ දේශපාලන පක්ෂ වල අය තම පක්ෂයට එරෙහිව විවිධ අවලාද නගන බවත්, තම පක්ෂය අනෙකුත් කිසිදු පක්ෂයක් සමග සම්බන්ධතාවයක් නොමැති බවත්, තම පක්ෂය ජනතාව අතර පැමිණෙන්නේ තනිවම බවයි.
මෙරටට ආනයනය කරන ලද නැනේ නයිට්රජන් පොහොර වලින් විශාල වංචාවක් සිදු කර ඇති බවද බිමල් රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.