ඉදිරි වසර කිහිපය තුළදී රටේ පාසල් පද්ධතිය ඇතුලු සෑම අංශයකටම නවීන තාක්ෂණය හදුන්වා දෙමින් ජනතා සේවාවන් පහසු කරදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
ගුරුවරුන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට රජය කිසිවිටෙකත් සූදානම් නොමැති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටිනවා.
Read Moreකොරෝනාවට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙළ අද දිනයේ ද ක්‍රියාත්මකයි.
Read Moreඊයේ (02) දිනයේ දී හදුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2420ක්.
Read More2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන අවසන් තරගකරුවා වන මැතිල්ඩා ක්ලාසන් තරග වඳින අශ්වාරෝහක (equestrian) තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (03දා) ප.ව. 3.30ට (ජ.වේ. ප.ව. 7.00) ආරම්භ වේ. ඇය චොපින් අශ්වයා සමගින් 13 වැනි තරගකරුවා ලෙස තරගය ආරම්භ කිරීමට නියමිතව ඇත. කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 75 දෙනෙකු සහභාගිවීමට නියමිතව ඇත.
Read Moreරුපියල් බිලියන 7ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ETI සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට අද (03) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාරදී තිබේ.
Read Moreඉන්දීය සාගරයේ අන්දමන් දූපත් ආශ්‍රිතව භූ චලනයක් සිදුව ඇත. එහි ප්‍රබලත්වය මැග්නිටියුඩ් 6.5ක් ලෙස සටහන්ව ඇත. කෙසේ වෙතත් භූ චලනය හේතුවෙන් දිවයිනට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ ය.
Read Moreබලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සම්පත් ගවේෂණ හා සංවර්ධන බලපත්‍ර ප්‍රදානය කිරීම සහ ඒකාබද්ධ අධ්‍යයන සඳහා වන ඛනිජ තෙල් සම්පත් ගවේෂණ බිම් කොටස් හි දළ සටහනක් දැක්වෙන සිතියම මහජනතාවගේ දැනගැනීම සඳහා 2021 ජූලි 22 දා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
Read Moreඅධ්‍යාපන කටයුතු වෙනුවෙන් නව ජාතික ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreකොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත ලබන සිකුරාදා (06) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඉල්ලීම් 12ක් මුල් කරගෙන දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
Read Moreඅලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.
Read Moreගතවූ පැය විසිහතරක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
Read Moreමෙහිදී එම කාමරයේ තිබූ බිත්තියක ඉංග්‍රීසි අක්ෂරයෙන් දෙමළ වැකියක් සඳහන් කර ඇති අතර එහි සිංහල අරුත වී ඇත්තේ ‘මගේ මරණයට හේතුව’ යන්නයි.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට චීනයේ නිශ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා කෝටියකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ලබාදී තිබේ.
Read Moreනවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩෙන් ඇගේ තුන් හැවිරිදි දියණියගෙන් සෘතුමය සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් වැලඳීමෙන් පසුව කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ගත් බව රජයේ ප්‍රකාශකයා අද (03දා) පැවසීය.
Read Moreකැබිනට් හමුවෙන් පසුව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා දීමට නම් රුපියල් බිලියන 56ක මුදලක් වෙන් කළ යුතු බවයි. කෙසේ වෙතත් රජයට මේ අවස්ථාවේදී ඒ ආකාරයට මුදල් සොයා ගැනිමට හැකියාවක් නැතැයිද ඔහු පැවැසීය.
Read Moreවයස අවුරුදු 30 වැඩි පිරිසට එන්නත්කරණය සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු 18 සහ 30 අතර පසුවන පුද්ගලයින්ට එන්නත්කරණය ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read More’’අපි එන්නත විද ගැනීම මෙන්ම, මුඛ ආවරණයත් පැලඳිය යුතුයි. නැත්නම් අපට සිව්වැනි වරටත් තවත් වෛරස ප්‍රභේදයක් ඇති වීම අනිවාර්යයි. එය වඩාත් නරක අතට හැරෙනු ඇති.’’ බෝවන රෝග විශේෂඥ වෛද්‍ය ග්‍රෙගරි පෝලන්ඩ් පැවසීය.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුරෙන් අපිරිසිදු වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුතු තවමත් පෙර ආකාරයෙන්ම සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
Read Moreමග නැගුම ඉදිකිරීමේ හා යන්ත්‍රෝපකරණ සමාගමේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල පැවැති කෝටි ගණනක් වටිනා දිරිපත්වීමට ඉඩ තිබූ වාහන රාශියක් නැවත පිළිසකර කිරීම් ආරම්භ කර තිබේ.
Read Moreනාගරික අපද්‍රව්‍යවල සැඟවී සිටින මීයන් මිලියන ගණනක් SARS-CoV-2 වෛරසයේ නොපෙනෙන ධාරකයන් ලෙස ක්‍රියා කරන බව අධ්‍යයනයකින් යෝජනා වී තිබේ.
Read Moreවත්මන් හා හිටපු ක්‍රිකට් නායකයන්, ක්‍රිකට් ආයතනයේ සභාපතිවරුන්, පරිපාලකයන් හා ක්‍රීඩකයන් හා පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් විසින් අද (02) කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ පැවැත්වීමට නියමිතව උද්ඝෝෂණයක් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා ප්‍රතික්ෂේප කළේය.
Read More’’රෝහල් ගත කරනු ලබන්නේ බෙහෙවින් බාල වයස් කාණ්ඩයක්’’ යැයි මේරි පැවසීය. ’’පසුගිය වසර කිහිපය තුළම, බොහෝ බරපතල රෝගාබාධ සහිත පුද්ගලයින් සහ අපේ වැඩිහිටියන් සඳහා කොවිඩ් වෛරසයෙන් වැඩිම අවදානමක් ඇති බව බොහෝ දෙනෙකුට නැවත නැවතත් අසන්නට ලැබුණත්, ඩෙල්ටා ප්‍රභේදය පැහැදිලිවම තරුණයින් සඳහා සැලකිය යුතු අවදානමක් ගෙනෙනවා.’’
Read Moreවාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් සිදු වන අවස්ථාවක ගර්භනී මව්රුන් ඇතුළු සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි.
Read Moreහැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් හෙට (03) පැය 24ක කාලයක් වත්තල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙසේ චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත එරට අවුරුදු 3 සිට 17 දක්වා ළමයින් සඳහා හදිසි භාවිත අනුමැතිය ලබාදී ඇත.
Read Moreරිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවස රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක්කර තිබේ.
Read Moreකොවිඞ් තත්ත්වය හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ සංචාරය තහනම් කර ඇති රටවල් 21 ක් සමඟ එම තහනම ඉවත්කර ගැනීමට සාකච්ජා ආරම්භ කරන බව සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
Read More