ගලයිෆොසෙට් තහනම ඉවත් කිරීම අමනෝඥ තීරණයක්
ගලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක් තහනම් කරමින් 2014 වසරේ නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පිළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ඊයේ (22) දා ගැසට් නිවේදනයක් නිකුත් කිරීම වැරදි තීරණයක් බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමෙන් ඔහු පවසන්නේ මෙම අමනෝඥ තීරණය වහා නිවරදි විය යුතු බවයි.
අමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහන
"වසර ගණනාවක අරගලයකින් පසු 2014 වර්ෂයේ ග්ලයිෆොසෙට් ඇතුළු පලිබෝධනාශක 5ක් කෘෂිකාර්මික වකුගඩු රෝගය පැතිර යන පළාත්වල තහනම් කළේය. ඒ තීරණය ගැනීමට අපගේ පර්යේෂණ ද ඉවහල් විය. ඊයේ රාත්‍රී පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් එම තහනම ඉවත් කර ඇත. මෙය අමනෝඥ තීරණයකි.
රසායනික පොහොර නැතිවීමෙන් අද ඇතිව තිබෙන ප්‍රශ්නයට 2014 වර්ෂයේ තහනම් කළ පලිබෝධනාශක 5ක තහනම ඉවත් කිරීමෙන් විසදුමක් ලැබෙන්නේ කෙලෙසද? 2014 වසරේ සිටම ග්ලයිෆොසෙට් තහනම ආපසු හැරවීමට බොහෝ දෙනා වැලි කෑහ. මේ සිදු කර ඇත්තේ වත්මන් ප්රශ්නය හුවා දක්වා කෘෂිරසයන සමාගම්වල අවශ්‍යතාව ඉටු කිරීමකි. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ගත් වැරදි තීරණය වහා නිවරද විය යුතුය.
චන්න ජයසුමන

popular news
-
Rocky Tuesday, 23 November 2021 12:38 PM
Eka ekkenaata ona widihata Gazette gahanna puluwanda? Mehema gazette gahanna giyoth Kadadaasi higekuth athi wenna puluwani!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

