saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6266 hours ago

LATEST

ඉරාක ගම්මානයකට ISIS ප්‍රහාරයක් - ජීවිත හානි 11ක්

calendar_today 2021 ඔක් 26 - 17:35 remove_red_eye - 127  

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 11දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාකයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය පවසයි.

වර්ණ වාදය පිටු දැකීම සහා වර්ණ වාදය හේතුවෙන් කලු ජාතිකයින් මුහුණ පාන ගැටලු තුරන් විය යුතුයි යන්න සිහිපත් කිරීම වෙනුවෙන් ක්‍රීඩාවේදී තරගයක් ආරම්භ කිරීමට පෙර අඩක් දන නැමීමේ ප්‍රතිපත්තියක් බොහෝ කණ්ඩායම් අනුගමනය කර සිටියි.

Read More

තමා සහ චමින්ද විජේසිරි මහතා ආණ්ඩුව සමඟ එක්වීමට සුදානමක් පවතින බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද පැවසීය.

Read More

කොවිඩ් ආසාදිත මරණ ඉහළ යාම කිසිසේත් සුළුවෙන් තැකිය නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

Read More

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය වාර්ෂිකව සංවිධානය කරන සන්නද්ධ හමුදා අනුස්මරණ පොපි මල් දින සැමරුමේ පළමු පොපි මල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පළඳවයි.

Read More

මුතුරාජවෙල තවදුරටත් අනාරක්ෂිත බවට සුරකිමු මුතුරාජවෙල සංවිධානය චෝදනා කරනවා.

Read More

කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට ශ්‍රී ලංකා රජය විසින් අත්සන් කර තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණි.

Read More

කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 20 ක් තුළ ගුවන් තොටුපළෙන් පිටවීම සදහා කඩදාසි හෝ වෙනත් උපකරණ භාවිත කිරීමෙන් තොර, නව මාර්ගගත ක්‍රමවේදයක් හදුන්වා දීමට සිවිල් ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (26දා) කටයුත කළේය.

Read More

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ​ෆෆ් ඩූ ප්ලෙසිස් සහ පකිස්ථානු ක්‍රීඩක වහබ් රියාස් එළඹෙන LPL තරඟාවලිය සඳහා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ එක් වී තිබේ.

Read More

පෑලියගොඩ, වනවාසල පාරේ තිබී තරුණ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව පොලීසිය පවසයි.

Read More

පේරාදෙණි විශ්වවිද්‍යාලයීය කෘෂි විද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දැරූ සියලු තනතුරුවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ.

Read More

නව ඖෂධ කම්හල් තුනක් කඩිනමින් ඇරඹීමටත් කැබිනට් අනුමැතිය හිමිවුණා.

Read More

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද (26) දිනෙන් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කර සිටියි.

Read More

රුසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුධ හමුදාපතිවරයෙකු වෙත කලාතුරකින් ලැබිය හැකි රුසියානු හමුදාවේ ඉහළම ගෞරවාචාරය ඉකුත් සඳුදා (25) රුසියානු ආරක්‍ෂක අමාත්‍යාංශයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් සිදු කරන ලදී.

Read More

ආගමික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට ක්‍රියා කළේ යැයි අත්අඩංගුවට ගන්නා ලද බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 09 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

2022 වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

ඩුබායි රාජ්‍යයේදී කෝටි ගණනක ලොතරැයියක් දිනූ බේරුවල මරක්කල වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහොමඩ් මිෂ්ෆාත් මහතා ඉකුත් දා දින කීපයකට ලංකාවට පැමිණියේය. ඩුබායි රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ඔහු මිලදීගෙන තිබූ බිග් ටිකට් නම් ලොතරැයියෙන් ජයග්‍රහණය කරන ලද රුපියල් කෝටි ගණනක් වන සම්පූර්ණ තෑගි මුදලම තමන් ඉපදී අධ්‍යාපන ලැබූ බේරුවල ප්‍රදේශයේ ඉස්ලාම් පාසල් 5ක් සංවර්ධනය සඳහා ලබාදීමට ඔහු තීරණය කර තිබේ.

Read More

සංවර්ධන ව්‍යාපෘති සහ ඒවා ක්‍රියාත්මක කිරීමේ දී පවතින ගැටලු හා අපේක්ෂිත වැඩපිළිවෙල සමඟ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් මසකට වරක් හමුවී සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින උපදෙස් දුන්නේය.

Read More

යුරෝ මුදල් මිලියනයක් වටිනා බව කියන ව්‍යාජ නෝට්ටුවක් සමග කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පිළිබඳව විමර්ශන ආරමභ කර ඇතැයි පොලිිස් මූලස්ථානය පවසයි. අදාළ පොලිස් නිලධාරියාගේ අපකීර්තිදායක හැසිරීම පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

Read More

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන දෙසැම්බර් 6 ආරම්භ කිරීමට දින නියම කළ කොළඹ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පැමිණිල්ලේ සාක්ෂි ලබාදීම එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්‍ෂිකරුවන්ට සිතාසි නිකුත් කළේය.

Read More

ගුරු – විදුහල්පති වැටුප් ගැටලූව වහා විසඳන ලෙස ඉල්ලා රටපුරා ස්ථාන 300 කදී සංවිධානය කළ උද්ඝෝෂණ මාලාව අති සාර්ථකව පැවැත්වුණු බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඊයේ (25 වැනිදා) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේදී පැවැසීය.

Read More

ජනාධිපතිවරයා තමන්ගේ වගකීම ජනතාව වෙනුවෙන් ඉටු නොකරන තත්ත්වයට පත්වෙලා යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී දෝහා කටාර් අගනුවරදී තලේබාන් අන්තර්වාර රජයේ වැඩබලන නියෝජ්‍ය අගමැති මුල්ලා අබ්දුල් ගානි බරදාර් හමුවී තිබේ.

Read More

අද නිවාස සංවර්ධන අධිකාරිය ඉතාම දූෂිතයි. මම උදේ අට හමාරට ආවම රෑ නමයයි, දහයයි ගෙදර යද්දී. අපේ ඔෆිස් එකේ හතර වෙනකොට කට්ටිය යනවා. ඉතින් මටම පුදුමයි ඇයි කියලා. මොකද මට ඒක පුරුදු නෑ. ඇවිල්ලා කෑම කන්න පැයයි. නිකම්ම ඉන්නවා. හතර වෙනකොට බස් එකට දුවන්න ඕන. එහෙම බෑ. කැපවෙලා වැඩ කරන්න ඕන. රටක් දියුනු වෙන්න නිලධාරින් කැපවෙලා ඉන්න ඕන.’’

Read More

2021 ඡන්ද නාමලේඛනයේ තම නම තිබේදැයි ග්‍රාමසේවකවරයාගෙන් විමසීමෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගන්නා ලෙස ඡන්ද දායකයින්ට දැනුම් දෙයි.

Read More

මෙතෙක් සොයාගෙන ඇති සෑම බාහිර ග්‍රහලෝකයක්ම දැකගත හැකිවී තිබුණේ අපේ මන්දාකිණියෙනි. එනම් ඒවා සියල්ලම පාහේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,000කට වඩා අඩු දුරකින් පිහිටා ඇත.

Read More

කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් රත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා පනවා තිබූ සංචරණ සීමාව ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ.

Read More

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට මුදල් එවිමට ලංකා රෙමිටි නමින් නව ගනුදෙනු ක්‍රමයක් හදුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.