තමා සමග වැඩ කිරීමට හැකියාවක් ඇත්නම් එය පෙන්වන්නැයි ජනාධිපතිකමකමට ඇඳුම් මසා ගෙන සිටින කාඩ්බෝඩ් වීරයන්ට තමන් අභියෝග කරන බව ජාතික සමගි ජන බලවේගයේ නායක වීපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (28දා) වන දින දඹුල්ලේ දී පැවසීය.
සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක යු .අර්. දයා නන්දසිරි මහතා දඹුල්ල නිස්සංක පිටියේ සංවිධානය කොට තිබූ ජනහමුවක් අමතමින් විපක්ෂනායකවරයා මෙම අභියෝගය කළේය.
සාධාරණ මැතිවරණයක් තුළ ජාතික සමගි ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඒ මහතා මෙහිදී සඳහන් කළේය.
“එක එක කණ්ඩායම් එක එක් පුද්ගලයන් ලොක්කන් කියාගෙන සිටින පුද්ගලයන් ලොකු වින්දනයක් ලබාගෙන ජනාධිපතිකමට සුට් මහනවා. එසේ සූට් මහන අයගෙන් මම විමසා සිටින්නේ රටේ සංවර්ධනයක් කිරීමට හැකියාව තිබෙනවා ද? ජනතාවට සේවයක් කිරීමට හැකියාවක් තිබේද? කියායි.
සූට් මහන ජනාධිපති සිහින මවන අයට අභියෝග කරනවා හැකි නම් මම සමග වැඩ කිරීමට තරඟයට සේවය කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කරනවා.
ජනතාවට සේවය කරන, ජනතාව ශක්තිමත් කරන තරගයට මම සූදානම් කාඩ්බෝඩ් වීරයන්ට නැවත නැවතත් අභියෝග කරනවා මගෙත් එක්ක තරගයට එන්න.
මගේ ළඟ පච දේශපාලනය, බොරු දේශපාලනය, කයිවාරු දේශපාලනය නොමැති නෑ. මගේ ළඟ තියෙන්නේ දේශපාලනය නොව දේශ සේවයයි. ඉදිරියේ දී අච්චාරු ආණ්ඩු, කැඳ ආණ්ඩු පිහිටුවීමට සූදානමක් නෑ. ඉදිරියේ දී නිර්මාණය කරන්නේ වැඩකරන ජනතාවාදී ආණ්ඩුවක්වක්.”
